Close
හෙළ දරු දැරියන්ගේ මාර්ගගත විද්‍යා ඉ-සඟරාව

වෙහෙස නැතිකරගෙන පාඩම් කිරීමට නැවුම් ආරම්භයක්

වෙහෙස මහන්සිය

දවස පටන් ගනිද්දී හිතේ වගේම ගතේ තිබෙන ප්‍රබෝධය පැය කීපයක් ගෙවෙද්දී නොදැනීම නැති වෙනවා. ඊට හේතුව වැඩත් සමග ඇති වෙන පීඩනය එහෙම නැත්නම් මානසිකව ඇති වෙන වෙහෙස නිසා ඔබ අපහසුතාවයට පත් වෙනවා. මස් පිඬු වලට පීඩනයක් ඇති වෙනවා. ඒ නිසා මාංශ පේශි තද බවට පත් වීම නිසා බොහොම වෙහෙසකර තත්වයක් ඇති වෙනවා. ඒත් දවසේ වැඩත් සමග ඇති වෙන වෙහෙසකර තත්වයෙන් දුරස් වීමට අවශ්‍ය කටයුතු අපටම සලසා ගැනීමට පුලුවනි. ඒ වෙනුවෙන් මේ පුංචි මඟපෙන්වීම අත්හදා බලන්න.

සිනාව

“මිසුරි කැන්සාස් ”සරසවියේ සිදු කරන ලද පර්යේෂණයක් අනුව පෙන්වා දෙන්නේ සිනාව නිසා ඔබේ තරුණ පෙනුම ආරක්ෂා වෙන බවයි. එයින් අදහස් වෙන්නේ ජීව විද්‍යාත්මක වයස නොවෙයි. ඔබ වයසට වඩා තරුණ පෙනුමකින් සිටීමට සිනාව දායක වෙන බවයි. සිනාව නිසා මුහණේ කම්මුල්, හකු පාඩා, ගෙල ආදි ප්‍රදේශ වලට හොඳින් රුධිරය සංසරණය වෙන නිසා මේ මාංශ පේශිවල වියපත් වීම අඩුවීමට හේතුවක්.

වෙහෙස මහන්සිය

ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ස්නායු පිලිබඳ මහාචාර්ය “සොෆී ස්කොට්” පෙන්වා දෙන්නේ අපි හිනාවෙන විට පේශි චලනය වුනත් ඒවා පාලනය කරන්නේ මොළයෙන් බවයි. ඒ නිසා අපේ ජීවිතයේ නිරවුල් බවටත් හිනාව උපකාරී වේ.

මනස කළඹන ග්‍රස්ථිය නියුරෝෂියාව (O.C.D)

හුස්මක් ගන්න වෙහෙස අඩු කරගන්න

සිරුරේ වෙහෙසට වගේම මනසේ ඇති වෙන වෙහෙසකර තත්වය දුරු කර ගැනීමට නම් හොඳ හුස්මක් ගන්න. ඒ හුස්ම හිත පිරෙන්නම ගන්න. ඒ වගේම දිගු ආශ්වාස සහ ප්‍රාශ්වාස මගින් පෙනහළුවලට යහමින් ඔක්සිජන් සපයා ගන්න පුලුවනි. එවිට ඔබේ මනසටත් හොඳ ඔක්සිජන් සැපයුමක් ලැබෙන නිසා මනසේ ප්‍රබෝධයක් ඇති වෙනවා.

මනසට නිවාඩු කාලයක් හදාගන්න.

පාඩම් වැඩකටයුතු කරද්දි වගේ ම කාර්යාලයේ රාජකාරි කරද්දී හිතේ ඇති වෙන අසහනකාරී ගතියට ඔබ විසින්ම පිළියම් සලසා ගැනීම ඉතාම වැදගත්. එහෙම නැතුව හිතේ අසහනකාරී ගතිය සමග දිගින් දිගටම ඒ ඉරියව්වේ සිටීම එතරම් සුදුසු නැහැ. ඒ නිසා ඔබේ ආසනයේ සිටින අතරේ ම මනසට ප්‍රියතාවයක් ඇති වෙන දර්ශනයක් මනසේ මවා ගන්න.

සමහර විට ඔබේ අම්මා, තාත්තා, බිරිඳ, සැමියා හෝ දරුවා මුල් කර ගත් සුන්දර අවස්ථාවක් විය හැකියි. එහෙම නැත්නම් සුන්දර පරිසරයක් හිතින් මවා ගන්න. දියඇල්ලක්, මල් පිපුන ගහක් වැනි දර්ශනයක් හිතින් මවා ගන්න. දැන් ඔබේ මනස මදකට හෝ මහන්සි ගතියෙන් දුරස් වීම නිසා නව ප්‍රබෝධයක් ඇති වෙනවා. අද මේ මනස අලුත් කිරීමේ ක්‍රියාකාරකම් “මයින්ඩ් වැකේෂන් ” යනුවෙන් හැඳින්වෙනවා. එය බොහෝ දුරට නිවැරදියි. ඇයි කිවහොත් ඇත්තටම ඔබේ මනසට දැන් නිවාඩුවක් ලැබී තිබෙනවා. මේ පුංචි නිවාඩුවෙන් ඔබට විශාල වාසියක් ලැබෙනවා. නිවාඩුව අවසානයේදී ඔබ නැවත කටයුතු ආරම්භ කරන්නේ බොහොම ප්‍රාණවත් මනසකින්.

brain on vacation
Mind Vaccation

හිසට තට්ටුවක්

කාර්යාලයේ සේවය කරද්දී වෙහෙසක් වගේ දැනෙනවා නම් ඔබේ ඇඟිලි තුඩු වලින් ඔළුවට තට්ටු කරන්න. මිනිත්තු දෙකක් වගේ කාලයක් හිස් කබලට තට්ටු කිරීම මගින් මොළයට උත්තේජනයක් ලැබෙනවා. ඒ නිසා වෙහෙසක් දැනෙනවා නම් ඔලුවට පුංචි තට්ටුවක් කරන්න. එයින් සුවිශේෂී වාසියක් ඔබට ලැබෙනු ඇත.

ඇස් වල වෙහෙස නැති කරගැනීමට ස්පා කරන්න

වෙහෙස මහන්සිය

හිතේ ගැටුමක්, ගැටලුවක් තිබෙනවා නම් ඒ අසහනකාරී මානසිකත්වය සමග ඉදිරියට යන්න එපා. ඒ තත්වයෙන් මදකට හෝ වෙනස් වෙන්න. එසේ නොමැතිව මහන්සිය සමග ඉදිරියට යෑම එතරම් සුදුසු නැහැ. මේ සඳහා ලොකු කාලයක්, වේලාවක් හෝ තැනක් අවශ්‍ය නැහැ.

ඔබ ඉගෙනුම් කටයුතුවල නිතරව සිටින පුටුවේ සිට මේ ව්‍යායාමය හෙවත් “ඇස් ස්පා” කිරීම එතරම් අපහසු කාර්යක් නොවෙයි. සමහර විට ඔබ නොදැනීම මේ ඉරියව්වට යොමු වෙන අවස්ථාවන් ඇති. ඒ වගේම ඇස් ස්පා කිරීමෙන් ලැබෙන වාසි ගැන ඔබේ ජීවිතයෙන්ම අත්දැකීම් ලබා ගෙනත් ඇති. මහපට ඇඟිල්ලත් දබරැඟිල්ලත් උපයෝගී කර ගෙන ඇස්වල මුදුන සහ ඇස් දෙක එකතු වෙන ස්ථානය තෙරපන්න. එයින් ලැබෙන සැහැල්ලුව ඔබටම දැනේවි.


එහෙමනම් පාඩම් කරන විට, කාර්යාලයේ හෝ නිවසේ යම් කාර්යන්හි නිරතව සිටින විට ඇති වෙන වෙහෙස නිවා ගැනීමට හැකියාව ඇති මේ පුංචි ටිප්ස් ඔබත් අත්හදා බලන්න.මහන්සිය දැනි දැනී වැඩ කරනවාට වඩා පුංචි වේලාවක් ලබා දී වෙහෙස දුරු කර ගත්තොත් ඔබට වඩාත් වාසිදායක ලෙසින් කටයුතු කර ගැනීමට හැකියාව ලැබෙනවා.

ඔබේ අදහස මෙහි සඳහන් කරන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ඔබේ අදහස මෙහි සඳහන් කරන්න.
scroll to top