Close
හෙළ දරු දැරියන්ගේ මාර්ගගත විද්‍යා ඉ-සඟරාව

බොරු කිව්වොත්, පිනෝකියෝගේ වගේ නහය දිගු වෙයි!

පිනෝකියෝ ආචරණය

දරුවන් ඉගෙනුම් කටයුතුවලට උදාසීන වෙන විට බූරුවන්ට මෙන් කන් එන බවත් බොරු කියන දරුවන්ට පිනෝකියෝ මෙන් නාසය දිගු වෙන බවත් කියමින් දරුවන් බිය ගැන්වීම පිළිබඳව අපි එතරම් තැකීමක් නැහැ. කොහොම වුනත් බොරුව සහ නාසයේ ප්‍රමාණය අතර සහසම්බන්ධතාවයක් ඇති බව දැන් නම් තේරුම් යනවා.

1826 වසරේ  නොවැම්බර් 24 වැනි දින ඉතාලියේ ෆ්ලොරන්සිහි උපත ලද ඔහුගේ නියම නම කාලෝ ලොරෙන්සිනී නම් වූයේය. 1860 වසරේ මතභේදාත්මක ලිපියක් වෙනුවෙන් කාලෝ තම මවගේ උපන්ගමේ නාමය වූ කොලාඩ් යන්න සම්බන්ධ කර ගත්තේය.

රජයේ නිළධාරියෙක් ලෙසින් කටයුතු කළ කොලාඩ් ප්‍රිය කළේ දරුවන් වෙනුවෙන් ග්‍රන්ථ රචනයටයි. 1848 වසරේදී ඔහු දේශපාලන පුවත්පතක් ආරම්භ කළ අතර 1864 වසරේ ඉතාලියේ නව දේශපාලන තත්වය සමග එම පුවත්පතේ කටයුතු නතර විය.

මේ අතර ඉතාලියේ ”සගී” පොත් ප්‍රකාශක සමාගම විසින් ප්‍රංශ උපමා කතා පොතක් ඉතාලි භාෂාවට පරිවර්තනය කර දෙන මෙන් කොලාඩ්ගෙන් ඉල්ලා සිටි අතර ඔහු විසින් එම කටයුත්ත ඉතා සාර්ථක ලෙසින් සිදු කරන ලදී. මෙම ග්‍රන්ථයේ පරිවර්තන කටයුතු සාර්ථක වූ නිසාම තව තවත් පොත් පරිවර්තනය සඳහා කොලාඩ් වෙත ඇරයුම් ලැබුණි.

1861 වසරේ රෝමයේ ප්‍රකාශිත ළමා පුවත්පතක් වෙනුවෙන් විශේෂාංග ලිපි සැපයීමට ලද අවස්ථාව ප්‍රයෝජනයට ගත් කොලාඩ් එම පුවත්පත වෙනුවෙන් පිනෝකියෝ කථාංගය කොටස් වශයෙන් ඉදිරිපත් කරන ලදී.

පිනෝකියෝ පොත

ඔහු මෙම කතා පිටපත සමග කතුවරයාට මෙසේ සටහනක්ද තබන ලදී. මේ බොළඳ කථාවට මට හොඳට ගෙවන්න. මොකද කිව්වොත් මට ජීවත් වෙන්න මුදල් අවශ්‍යයි. මෙහි ඉතිරි කොටස මම ලියන්නේ හොඳින් මුදල් ලැබුනොත් විතරයි.

පිනෝකියෝ ළමා කථාවේ ආරම්භය

පිනෝකියෝ ළමා කතාව දරුවන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් වෙන අතරවාරයේ එම පුවත්පත් සමාගම මේ වෙනුවෙන් මුදල් ගෙවීමට ඇති අපහසුවද, නොඑසේනම් අකැමැත්තද යන සැකය ඉතිරි කරමින් පිනෝකියෝ කතාවේ අඛණ්ඩ පළ කිරීම වෙනුවට ඉඳ හිට පළ කිරීම සහ හදිසියේම අවසානයක් නොතබාම කෙටි කාලසීමාවකින් කතාව අවසාන කරන ලදී. ඔහු කතාව අවසාන කලේ පිනෝකියෝ මරණයට පත් කරමින්ය. එහෙත් දරුවන් මෙම අවසානයට කැමැති නොවීය. ඔවුන්ගේ ඉල්ලීම් ලිපි අවසානයක් නැත. කතුවරයා නැවත පිනෝකියෝ පළ වෙන බවට දැන්වීමක් පළ කර සිටින්නට තරම් ඉල්ලීම් ප්‍රබල විය.

1883 වසරේදී මෙම කතාව පොතක් ලෙසින් ප්‍රකාශයට පත් විය. මෙම රෑකඩ කතාව දරුවන්ගේ මනස වෙනස් කරනු ඇතැයි දෙමව්පියන් චෝදනා නගද්දී දරුවන් මෙම පොත දෙමව්පියන්ට හොරෙන් හෝ කියවමින් රස වින්දාහ. බොහෝ දෙනා කියා සිටියේ පිනෝකියෝ යනු කොලාඩ්ගේ ජීවිත අත්දැකීම් බවයි. කොලාඩ්ගේ පියාවිසින් යම් කෙනෙක්ගෙන්  ණයක් ගෙන එය බේරා ගත් නොහැකිව සිටින විට කොලාඩ් තම පියා  එම ණය බරෙන් නිදහස් කර ගෙන ඇත. පිනෝකියෝ කතාවේ එන ”මෝරා” , ”ටූනා” මෙම සිද්ධීන්හි සංකේත බැව් විචාරකයන්ගේ අදහසයි. කොලාඩ් පිනෝකියෝ පිටපත වෙනුවෙන් ලබා ගෙන ඇත්තේ ලීරා 500 කි. එහෙත් මෙම කතාව චිත්‍රපටයක්, ටෙලි නාට්‍යක් ලෙසින් විවිධාංගිකරණයට පත්ව ඉදිරිපත් කරමින් බොහෝ දෙනා මුදල් උපයන්නට වූහ.

පිනෝකියෝ ආචරණය

මේ කතාව දරුවන් අතර මොනතරම් ජනප්‍රිය වූවාද යත් දරුවන් බොරු කියන විට දෙමව්පියන් ඔවුන් වෙනස් කරනු ලැබුවේ පිනෝකියෝගේ මෙන් නාසය දිගු වේය යන සියුම් උපක්‍රමයෙන්. එහෙත් නාසය සහ බොරුව අතර සම්බන්ධතාවයක් පවතින බව ස්පාඤ්ඤයේ ග්‍රැනඩා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා. ඔවුන් මෙම තත්වය හඳුන්වන්නේ පිනෝකියෝ (Pinocchio effect) ආවරණය නමින්. මෙම අධ්‍යනය වෙනුවෙන් තාප රේඛන (thermography)  පර්යේෂණ ක්‍රමවේදය යොදා ගත්තා. මෙම ක්‍රමවේදය මීට පෙරාතුව යොදා ගෙන තිබුනේ දෙවැනි ලෝක මහා සංග්‍රාම කාලයේදියි. එහෙත් මනෝවිද්‍යාත්මක තොරතුරු වෙනුවෙන් මෙතෙක් මෙම ක්‍රමය යොදා ගත්තේ නැහැ.

පිනෝකියෝ

ග්‍රැනඩා විශ්ව විද්‍යාලයේ එමිලියෝ ගෝමස් මිලාන් සහ එල්විරා සලාසාර් ලෝපස් විසින් ඔවුන්ගේ අධ්‍යනයන් වෙනුවෙන් තාපරේඛන ක්‍රමය යොදා ගත්තා. එහිදී පෙනී ගියේ අපේ මනසේ ක්‍රියාකාරිත්වයට අනුව සිරුර විවිධ ප්‍රතිචාර දක්වන බවයි. අපි බොරුවක් කියන්නේ අනුදැන්මක් ඇතුවයි. එවන් අවස්ථාවලදී නාසය සහ ඒ අවට ප්‍රදේශය උණුසුම් වී පිම්බීමක් සිද්ධ වෙනවා. දරුවන් ඉගෙනුම් කටයුතුවලට උදාසීන වෙන විට බූරුවන්ට මෙන් කන් එන බවත් බොරු කියන දරුවන්ට පිනෝකියෝ මෙන් නාසය දිගු වෙන බවත් කියමින් දරුවන් බිය ගැන්වීම පිළිබඳව අපි එතරම් තැකීමක් නැහැ. කොහොම වුනත් බොරුව සහ නාසයේ ප්‍රමාණය අතර සහසම්බන්ධතාවයක් ඇති බව දැන් නම් තේරුම් යනවා.

වීගන් – Vegan (සත්ත්ව ආහාර වලින් තොරවීම) යනු කුමක් ද?

පිනෝකියෝ ප්‍රතිමාව
කොලාඩ් උද්‍යානයේ පිහිටුවා ඇති යෝධ පිනෝකියෝ ප්‍රතිමාව

1890 වසරේ ඔක්තෝබර් 26 වැකි දින අභාවප්‍රාප්ත වීමෙන් පසුව ඔහු වෙනුවෙන් කාලෝ කොලාඩ් නමින් පදනමක් සහ කොලාඩ් උද්‍යානය පිහිටුවන ලදී. එය කොලාඩ්ගේ උපන්ගම සමීපයේ පිහිටා ඇත. 1956 වසරේ විවෘත කරන ලද මෙම උයන පිනෝකියෝගේ රුව, සුරංගනාවක්, කුරුල්ලන්ගෙන් සමන්විතව ඇත. බයිබලය හැරුන විට බොහෝ භාෂාවන් ගණනකට පරිවර්තනය වුනේ මෙම ග්‍රන්ථයයි. එහෙත් බොහෝ දෙනා මෙම ග්‍රන්ථ කර්තෘ ගැන නිසි අවබෝධයක් නැත.ඇතැම් අය සිතන්නේ මෙය ජනකතාවක් බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ඔබේ අදහස මෙහි සඳහන් කරන්න.
scroll to top