Close
හෙළ දරු දැරියන්ගේ මාර්ගගත විද්‍යා ඉ-සඟරාව

උණු තෙල් තාච්චියේ හිඳ බවුන් වඩන භික්ෂුව – මෙය ඇත්තක්ද? බොරුවක්ද?

උණු තෙල් තාච්චියක හිඳගෙන බවුන් වඩන භික්ෂුව

භික්ෂූන් වහන්සේ නමක් නටන උණු තෙල් තාච්චියක හිඳගෙන කිසිදු අපහසුවකින් තොරව භාවනා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරන විට ඔබත් දැක ඇති. ඒක ඇත්තටම ඇත්තම වීඩියෝවක්ද කියලා ඔබටත් කුතුහලයක් තිබෙන බව විශ්වාසයි. එහෙනම් ඇත්ත දැනගන්න දිගටම කියවන්න. .

ඕනම කෙනෙක්ට නටන තෙල් මත හිඳගෙන සිටීම කළ හැක්කක් කීවොත් ඔබ විශ්වාස කරනවාද? ඇත්තටම ඔහුට කිසිදු වේදනාවක් දැනෙන්නේ නැහැ. පෙනෙන හැටියට නම් මේ තායි භික්ෂුව එය සිදු කරන බව පෙනෙනවා. ඒ වගේම යූටියුබයේ සජීවීව විකාශය වූ මෙම වීඩියෝ දර්ශනය ලබාගෙන තිබෙන්නේ තායිලන්තයේ Nong Bua Lamphu පළාතේදීයි.

මේ වීඩියෝව අන්තර්ජාලය පුරා පැතිරී යාමත් සමඟම බොහෝ දෙනෙක් මතු කළ ප්‍රශ්නයක් තමයි ඇත්තටම මෙහි ඇති තෙල් අධික ලෙස රත් වී ඇත්නම්, මේ භික්ෂුව කොහොමද ඒක තුළ කිසිදු අපහසුවකින් තොරව භාවනා කරන්නේ කියලා. මෙම කාරණාව බොහෝ දෙනෙකුට ඇති වූ ගැටලුවක්.

උණු තෙල් තාච්චියේ ඉඳගෙන ඉන්නේ විශේෂ බලයකින් ද?

මේ වීඩියෝවේ දැක්වෙන අන්දමට උණු තෙල් තාච්චියේ හිඳගෙන සිටින භික්ෂුව තමා සතු විශේෂ බලය අන් අය සමඟ බෙදාගන්නා බව පෙනෙනවා.  එය සිදු කරන්නේ පිටත සිටින අය ලබා දෙන විවිධ ද්‍රව්‍ය අතින් ස්පර්ශ කිරීම මඟින්ය. ඒ නිසා ඔහුගේ අනුගාමිකයින් සිතන්නේ ලබා දෙනු ලැබූ රෙදි කැබැල්ල හෝ වෙනත් යමක් උණු තෙල් තාච්චියක හිඳ භාවනා කිරීමට තරම් දියුණු පුද්ගලයෙකු වූ එම භික්ෂූන් වහන්සේගේ ආශිර්වාදය සහ බලය එම ද්‍රව්‍යයට ලැබුණු බවයි. ඒ වගේම මෙවැනි බලය ඇතුළත් කරන ලද ද්‍රව්‍ය ගම්වැසියන්ට විකිණීමත් මෙහිදී සිදුවෙනවා. එම විකිණිමෙන් ලැබෙන්නේ ආධාර මුදලක් බවත්, එය මෙම අසීරු කටයුත්ත සංවිධානය කිරීම සඳහා යෙදවූ බවත් ගම්වැසියන් දැනුවත් කෙරෙනු ඇති.

දැන් අපි විමසා බලමු මේ ගැන විද්‍යාඥයින් පවසන්නේ මොන වගේ කතාවක්ද කියලා. විද්‍යා උපදේශකයෙකු වන Jessada Denduangboripant නමැති Chulalongkorn විශ්වවිද්‍යාලයේ සිටින විද්‍යාඥයා පවසන පදිරි, මෙම වීඩියෝව නැරඹීමෙන් පමණක් ඇත්තටම තෙල් නටන උෂ්ණත්වයකට පත්වී ඇත්දැයි නිගමනය කළ නොහැකියි. නමුත් පහළින් දැඩි ලෙස ගින්දර යොදා ඇති බව පැහැදිලියි.  ඒ නිසා ඔහු පවස්නනේ, “මේ ගැන දැනගන්න තිබෙන එකම ක්‍රමය තමයි අදාළ ස්ථානයේදී හිඳගෙන සිටින ස්ථානයේ උණු තෙල් වල ඇති උෂ්ණත්වය මැන බැලීම.” තවදුරටත් ඔහු මෙසේද පවසනවා. “තෙල් නිශ්චිතවම නටන තෙක් රත් වී ඇති බවක් පෙනෙන්නෙ

උණු තෙල් තාච්චියක බවුන් වඩන භික්ෂුව

ලෝකයේ සමහර රටවල් වල බෞද්ධ භික්ෂූන් වහන්සේලා තමන් වෙත ඇති අරුම පුදුම බලය පෙන්වා ජනතාව තමා වෙත ආකර්ශනය කර තබා ගැනීමට වර්ෂය පුරා මෙවැනි සංදර්ශන පවත්වනවා.

මෙහි නිරූපණය වන භික්ෂූන් වහන්සේ ව්‍යාජ මවාපෑමක් සිදු කළ බවට හෝ ඇත්තටම උණු තෙල් භාජනයක හිඳගෙන සිටින්නේ නැති බවට හෝ මෙහිදී කෙලින්ම අදහසක් හෝ තීරණයක් ප්‍රකාශ කිරීමට අදහස් කරන්නේ නැහැ. කෙසේ නමුත් ඔහු සැමදෙනා හට චමත්කාරජනක පුදුම සහගත දර්ශනයක් ඉදිරිපත් කරන බවට කිසිදු සැකයක් නැහැ.

දැනුමට යමක් – මළ මුහුද ගැන, ඔබ මේ කරුණු දැන සිටියා ද?

උදාහරණයක්: ගිණි අඟුරු මත ඇවිදීම.

ගිණි අඟුරු - උණු තෙල්

ගිණි අඟුරු මත ඇවිද යෑම වසර දහස් ගණනක සිට පැවත එන චාරිත්‍රයක් ලෙස හඳුන්වා දිය හැකියි. ග්‍රීසියේ සිට චීනය දක්වා තිබූ බොහෝ සංස්කෘතීන් සම්බන්ධයෙන් ක්‍රිස්තු පූර්ව 1200ට පමණ පෙර කාලය සම්බන්ධයෙන් සළකා බැලුවහොත්, ගිණි අඟුරු මත ඇවිද යාම බොහෝ ආගමික වත් පිළිවෙත්, ලෙඩ සුව කිරීම ආදී කටයුතු සඳහා යොදාගෙන ඇති බව පෙනෙනවා.

ඒ වගේම මේ කාරණාවත් සළකා බැලිම වටිනවා කියලා හිතෙනවා. මොහු පැවිදි වූ අයෙකු හෝ විශේෂ භාවනා ක්‍රමයක් පුරුදු පුහඑුණු කරන අයෙක් නොවෙයි. ඔහු එදිනෙදා රසකැවිලි නිශ්පාදනය කර විකුණා ජීවත් වන වෙළෙන්දෙක්. එහෙමත් නැතිනම් කෙනෙක්ට පැවසිය හැකියි ඔහු වේදනාව ඉතා හොඳින් විඳදරා ගැනීමට හැකියාව ඇති අයෙකු ලෙසත්. කෙසේ නමුත් ඔහු තමන්ගේ රසකැවිලි පිසීම අවසන් වූ පසු තම අත තෙල් තාච්චියට දමා කිසිදු වේදනාවකින් තොරව රසකැවිලි එළියට ගන්නා අයුරු දැකගත හැකියි.

අවවාදයයි.

මෙහි  විද්‍යාත්මක පැහැදිලි කිරීම කොතරම් සත්‍ය හෝ නිවැරදි ලෙස ගතහැකි වුවත් මෙවැනි ක්‍රියාකාරකමක් නිවසේදී අත්හදා බැලීම අනතුරුදායක විය හැකිය. 

දැන් නැවතත් විද්‍යාඥ Jessada Denduangboripant වෙත යොමු වෙමු. ඔහු පවසන අන්දමට මෙවැනි ප්‍රයෝග ඉතා පහසුවෙන් සිදුකළ හැකියි. ඒ අනුව ඔහු විසින් 2012 වර්ෂයේදී නිර්මාණය කර ඇති වීඩියෝවකට අනුව ඔහු විසින් රත් වන උණු තෙල් තාච්චියකට අත දමන දර්ශනයක් ඇතුළත්ව පවතිනවා.

එසේනම් ඔහු පවසන අන්දමට එලෙස සිදු කළ හැක්කේ කෙසේද? රහස තමයි තෙල් තාච්චියේ භාගයක් ජලයෙන් පිරවීම සිදු කිරීමයි. ජලයේ විශිෂ්ඨ තාප ධාරිතාවය අධික වීම හේතුවෙන් ජලය විසින් වැඩි තාප ප්‍රමාණයක් උරාගන්නා බැවින් කිසිවිටෙක තෙල් අධික ලෙස රත් වීම සිදු නොවේ.

එතකොට ජලය රත් වෙනවා. තෙල් රත් වෙන්නේ නැතිනම් කොහොමද තාච්චිය ඇතුලේ ඉඳගෙන ඉන්නෙ පිච්චෙන්නේ නැතිව? ඒකට ජල මට්ටමට ඉහලින් සිටින ලෙස කුඩා ආසනයක් තෙල් තාච්චිය ඇතුලේ තියෙනවාලු.

විදුජය වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ඔබේ අදහස මෙහි සඳහන් කරන්න.
scroll to top