Close
හෙළ දරු දැරියන්ගේ මාර්ගගත විද්‍යා ඉ-සඟරාව

ස්ටීව් ජොබ්ස් හෙවත් ඇපල් බොස්

ස්ටීව් පෝල් ජොබ්ස්

ස්ටීව් ජොබ්ස් 1955 වසරේ සැන්ප්‍රැන්සිස්කෝ නගයේ උපත ලැබුවේ අවිවාහක විශ්වවිද්‍යාල ප්‍රේමවන්තයන්ට දාවයි. මේ දරුවාගේ පිතෘත්වය සිරියන් ජාතික අබ්දුල් ෆමාෆ් ජන්ඩාලිට හිමි වුන අතර මව වුනේ ජොයානා ස්චියෙබෙල්. අබ්දුල්ගේ පියා කෝටිපතියෙක්. ස්ටිච් වෙනුවෙන් ආරක්ෂාව ලබා දුන්නේ පෝල් සහ ක්ලේරා ජොබ්ස් යන දෙදෙනා විසින් වන අතර ස්ටීව් ජොබ්ස් නිලිකන් ප්‍රදේශයේ හැදී වැඩුනා.

ඒ වගේම ස්ටීව් ජොබ්ස් අධ්‍යාපනයෙන් ඉදිරියට යන ගති ලක්ෂණ පැවති අතර ඔහු උසස් අධ්‍යාපනය වෙනුවෙන් විශ්වවිද්‍යාලයට ඇතුලත් වුණා. ඔරිගන් විශ්වවිද්‍යාලයෙන් ස්ටීව් ‍පෝල් නෙරපා හැරියාට පසුව ඔහු ජීවත්වුනේ ”හරේ ක්‍රිෂ්ණා” සිද්ධස්ථානයෙන් නොමිලයේ ලැබුන ආහාර වලින්.

rs 183670 80823058
Portrait of American businessman and engineer Steve Jobs, co-founder of Apple Computer Inc, at the first West Coast Computer Faire, where the Apple II computer was debuted, in Brooks Hall, San Francisco, California, April 16th or 17th, 1977. (Photo by Tom Munnecke/Getty Images)

ඇපල් පරිගණක සමාගම ආරම්භ කළ ස්ටීව් ජොබ්ස්

1975 වසරේ ස්ටීව් ‍පෝල් ”නෝම්බෘ කමිනියුටර් ක්ලබ්” ආයතනයට ඇතුලත් වුණා. මේ වන විට පරිගණක තාක්ෂණයේ මුල් යුගයයි. මෙහිදි එක් මිතුරෙක් පරිගණකයක් හදන්න දරණ උත්සාහය ස්ටීව් දැක්කා. මේ උත්සාහයෙන් ඉදිරියට ගිය පෝල් 1976 වසරේ අප්‍රේල් පළමුවැනි දින ඇපල් පරිගණක සමාගම ආරම්භ කිරීමට සමත් වුන අතර ඔහුගේ හවුලට ”ස්ටිච් වොස්නියැක්” සම්බන්ධ කර ගත්තා.

මුලින් ස්ටීව් ‍ජොබ්ස් කළේ පරිගණක  පරිපථ පුවරු අලෙවි කිරීම පමණයි. ඔහු දැන් තමාගේම නිෂ්පාදනයක් හදුන්වා දෙන්න තීරණය කළ අතර එම උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට 1977 වසරේ ඇපල් 11 පරිගණකය වෙළඳපොලට හඳුන්වා දුන්නා. මේ කාර්යය වෙනුවෙන් “ස්ටිච් වොස්නියැක්” ඉතා වටිනා සහයෝගයක් ස්ටීව් ‍පෝල්ට ලබා දුන්නා.

ස්ටීව් පෝල් ජොබ්ස්

1981 වසරේ බීච් ක්‍රාෆ්ට් ගුවන්යානය අනතුරට පත්වීම නිසා වොස්නියැක් මාස ගණනාවක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත් නිසා ස්ටීව් ජොබ්ස්ට ඇපල් සමාගමේ කටයුතු තනිවම ඉදිරියට කර ගෙන යන්නට සිද්ධ වුණා. 1976 වසරේ කැලිෆෝනියාවට ගිය ස්ටීව් ‍පෝල් එහිදී XEROX සමාගමේ PARC පර්යේෂණාගාරයේදී මවුසයක් සහිත පරිගණකයක් දැක්කා.

ඔහු මේ සමාගමේ තාක්ෂණය හොදින් හිතේ තබා ගත්තා විතරක් නොවෙයි ඒ වෙනුවෙන් ඔහුගේ පුර්ණ ශක්තියම යොදවා කටයුතු කලා. මේ අදහස ඔස්සේ ගිය ස්ටීව් ‍පෝල් ‘ලිසා’ පරිගණකයත් එතැනින් නොනැවතී මෘදුකාංග හා දෘඩාංග නිෂ්පාදනය කරනු ලැබුවා. මැකින්ටොෂ් පරිගණකයත් මේ නිසා වෙළදපොලට හඳුන්වා දෙන්න පුලුවන්කම ලැබුණා. ජොබ්ස්ගේ පරිගණක සිහිනය නිසාම මේ කණ්ඩායම හැදින්වුනේ ”ඩ්‍රිම් ටීම්” යනුවෙන්. ඔවුන්ගේ සිහින හැම විටම නිකම්ම සිහින නොව හැබෑ වූ සිහින බවට පත් වුණා.

කණ්ඩායම් සංකල්පය ස්ටීව් ‍පෝල් නිතරම අගය කලා. කණ්ඩායමේ රහස් පිටවෙන හැටි බලන්න ඔහු සමහර අවස්ථාවලදි වැරදි තොරතුරු නිකුත් කරන්න පටන් ගත්තා.

පැණි වරකාවටත් හෙන වදින්වා කියනවා වගේම 1985 වසරේ ස්ටීව් ‍ජොබ්ස් සහ ඇපල් සමාගමේ සභාපති ”ජෝන් ස්කලි” සමග ඇති වුන බහින්බස් වීම නිසා ස්ටීව් ‍ජොබ්ස් මේ සමාගමෙන් ඉවත් වුනා. ඇපල් සමාගමේ අය කියන්නේ ස්ටීව් ‍පෝල් හොද සහ නරක යන දෙකේම සංකලනයක් බවයි. ඒ ඇත්ත. අපි කිසිම කෙනෙක් සම්පූර්ණයෙන්ම සුදු චරිතයක් හෝ කලු චරිතයක් බවට පත් වෙන්නේ නැහැ. අපි අතර මේ ගුණ දෙකම අඩු වැඩියෙන් තිබෙනවා. සත්‍ය ඒකයි.

සමහර අය කියන්නේ ස්ටීව් ‍පෝල් කියන්නේ ඇපල් සමාගමේ පීඩාකාරී සහ අපකීර්තිමත් චරිතය බවයි. සමහර වෙලාවට ඔහුගේ වදන හරිම අශීලාචාරයි. කෝපයෙන් පිච්චෙනවා. මේ ගැන අදහස් ඉදිරිපත් කරමින් බොහෝ දෙනා කිව්වේ බාල කාලයේදී අම්මා තාත්තාගේ ආදරය සෙනෙහස නොලැබුන හින්දා මේ තත්වයට පත් වෙන්න ඇති බවයි. ඒ ගැන  මනෝවිද්‍යාත්මකවත් පිළිගන්නවා. මේ අතර ස්ටීව් ‍පෝල් තමාගේ මුදල් යොදලා රොස්පොරන්ට් හා කැනන් යන අයගේ දායකත්වය ඇතුව NEXT සමාගම ආරම්භ කලා. ඡායාරූප වෙනුවෙන් වූ පරිගණක නිෂ්පාදනය ඩිස්නි සමාගමට හොඳ ආරංචියක් වුණා.

ස්ටීව් පෝල් ජොබ්ස්

1991 වසරේ ඔහු ලොරේන් පවෙල් සමඟ විවාහ වුණා. ඒ වගේම දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වීමට වාසනාවන්ත වුණා. මේ වෙන විට ඇපල් සමාගමේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙන කාලයක්. ජෝන් ස්කලි විසින් ගිල් අමෙලියෝ ඇපල් සමාගමට සම්බන්ධ කර ගත්තා. අමෙලියෝ NEXT සමාගම මුදලට ගැනීමට තීරණය කලා. ඒ සමගම ඇපල් සමාගමේ අන්තර්කාලීන ප්‍රධාන විධායක තනතුර ස්ටීව් ට පවරනු ලැබුවා. මේ අතර 2001 වසර වෙද්දී MP3 ප්ලේයර් ව්‍යාපෘතිය සමග හුරුබුහුටි IPOD මෙවලමද හදුන්වා දෙන්න ස්ටීව් ජොබ්ස්ට හැකියාව ලැබුනා.

ස්ටීව් පෝල් ජොබ්ස්

2003 වසරේදී i tunes music store හදුන්වා දීම නිසා ගීත වාදනයට සහ සංයුක්ත තැටි වෙනුවෙන් විශාල පහසුකම් ලැබුනා. මේ නිසා 2010 වසර වෙන විට  අලෙවියෙන් ඩොලර් මිලියන 14.8 ක ආදායමක් ලබන්න ස්ටීව් ජොබ්ස් හට හැකි වුණා. මේ වෙන විට අක්මා රෝගි තත්වයට පත්ව සිටි ඔහු අක්මා බද්ධයක් කිරීමට රෝහල් ගත වුණා. බද්ධ කිරීමෙන් පසුවත් ඒ තරම් යහපත් සෞඛ්‍ය තත්වයක් නොවුන නිසාත් උත්සන්නවන රෝගී තත්වය නිසා 2011 අගෝස්තු මාසයේදී ස්ටීව් ජෝබ්ස් ඇපල් සමාගමේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වූ අතර ඉන් සති කිහිපයකට පසුව ටිම් කුක් ජෝබ්ස් දැරූ ඇපල් ප්‍රධාන විධායක නිළධාරී තනතුරට පත්විය

ඇපල් බොස් යනුවෙන් හැදින්වෙන ඔහු කළු ඇඳුම් ප්‍රිය කළ අතර වරක් ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් ඉන්දියාවේදි හිස මුඩු කොට තාවකාලිකව පැවිදි වුණා. ඔහුගේ සාමාන්‍ය ජීවිතය මොන තරම් සරලද කිව්වොත් ව්‍යාපාර ලෝකයේ මේ සා දැවන්ත පුද්ගලයාගේ මන්දිරයේ තිබුනේ අයින්ස්ටයින්ගේ ඡායාරූපයක් ඇඳක් සහ පුටුවක් පමණි.

“ලිට්ල් බෝයි” සහ “ෆැට් මෑන්” පරමාණු බෝම්බ නිසා විනාශ වූ ජපානය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ඔබේ අදහස මෙහි සඳහන් කරන්න.
scroll to top