Close
හෙළ දරු දැරියන්ගේ මාර්ගගත විද්‍යා ඉ-සඟරාව

“ලිට්ල් බෝයි” සහ “ෆැට් මෑන්” පරමාණු බෝම්බ නිසා විනාශ වූ ජපානය

ලිට්ල් බෝයි ෆැට් මෑන් පරමාණු බෝම්බ

1945 වසරේ ජර්මනිය මිත්‍ර හමුදාවන්ට යටත් වුනත් ආසියාව තුළ දෙවැනි ලෝක යුද්ධය අවසාන නොවීය. ඊට හේතුව වූයේ මිත්‍ර හමුදාවන් ජපාන අධිරාජ්‍යය සමග යුධ වැදී සිටීමයි. සාමය වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කළ යෝජනාව ප්‍රතික්‍ෂ්ප කිරීම සමග ඔවුන්ගේ උදහසට ජපානය පාත්‍ර විය. ඇමරිකාව පරමාණු බෝම්බ සැලසුම් කරනු ලැබුවේ ඇමරිකානු හමුදාවන් හානියට පත් නොකොට යටත්වීම වෙනුවෙන් ජපානයට බල කිරීම සඳහාය.

පරමාණු බෝම්බ
දෙවන ලෝක යුධ සමයේ ජපානයට මහත් විනාශයක් සිදු කළ “ලිට්ල් බෝයි” සහ “ෆැට් මෑන්” ලෙස හැඳින්වූ පරමාණු බෝම්බ
පරමාණු බෝම්බ

ඇමරිකාව විසින් හෙලන ලද පළමු පරමාණු බෝම්බය “ලිට්ල් බෝයි” යනුවෙන් හඳුන්වන ලදී. 1945 වසරේ අගෝස්තු 6 වැනි දින හිරෝෂිමාවට එල්ල කරන ලද “ලිට්ල් බෝයි” ටීඑන්ටී ටොන් 20,000 ක බරින් යුක්ත විය. මෙය යුද්ධයකදී න්‍යෂ්ටික බෝම්බයක් එල්ල කරන ලද ප්‍රථම අවස්ථාව විය.

පරමාණු බෝම්බය හෙලීමේ මෙහෙයුමට නායකත්වය ලබා දුන්නේ ඇමරිකාවේ ඉලිනොයි ප්‍රාන්තයේ කර්නල්වරයෙකු වූ “පෝල් ටිබෙට්ස් ” විසිනි. මේ වෙන විට ඔහුගේ වයස අවුරුදු 20 කි. ඔහුගේ මව සිහිපත් වීම සඳහා බෝම්බ ප්‍රහාරයට සැලසුම් කරන ලද යානය “ඉනොලාගේ’ යනුවෙන් නම් කර තිබුණි.බෝම්බය පිපිරුම් ස්ථානයේ උෂ්ණත්වය අංශක මිලියන ගණනාවක් වූ අතර පිපිරීම නිසා ඇති වූ කම්පනයෙන් ගොඩනැගිලි සමතලා විය. දහස් ගණනින් මිනිසුන් මරණයට පත් විය. එසැනින් මරණයට පත් මිනිසුන් සංඛ්‍යාව 70,000 ක් විය. එයිනුත් නැවතුනේ නැත. දින,සති,මාස ගණනාවක් පුරා විකිරණ විෂ නිසා ඇති වුන තුවාල නිසා තවත් දහස් ගණනින් මිය ගියහ.

උණු තෙල් තාච්චියේ හිඳ බවුන් වඩන භික්ෂුව – මෙය ඇත්තක්ද? බොරුවක්ද?

පරමාණු බෝම්බ

ලිට්ල් බෝයි සහ ෆැට් මෑන් පරමාණු බෝම්බ දෙකේ කෙරුවාවල් එතනිනුත් අවසාන නැත.

තවමත් ජපානයේ යටත් වන ලකුණු නොවුනෙන් නැවතත් න්‍යෂ්ටික බෛා්ම්බ ප්‍රහාරයක් අගෝස්තු නව වැනි දින එල්ල කරන ලදී. එය “ෆැට් මෑන්” යනුවෙන් හඳුන්වන ලදී. හිරෝෂිමාවට කිලෝමීටර් 420 ක් දුරින් පිහිටි නාගසාකි වෙත මෙම පරමාණු බෝම්බය එල්ල කරන ලදී.

“ලිට්ල් බෝයි” සහ “ෆැට් මෑන්” ගේ සම්මාදමෙන් හිරෝෂිමාවේ 350,000 ක් වූ ජනගහනයෙන් 1,40,000 ක් මිය ගිය අතර නාගසාකි හි මියගිය සංඛ්‍යාව අවම වශයෙන් 74,000 ක් විය.

මෙම අමානුෂික ප්‍රහාරයෙන් පසු 1945 වසරේ අගෝස්තු 14 වැනි දින ජපානය මිත්‍ර හමුදාවන්ට යටත් විය. වසර හැත්තෑ පහක් ගෙවී ගිය 2020 වසරේ මෙම ඛේදවාචකය සමරන ලද්දේ කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ සමාජ දුරස්ථබව පවත්වා ගනිමින්ය.

2020 වසරේ අගෝස්තු 6 වැනි දින උදෑසන හිරෝෂිමාවේ සාම උද්‍යානයට රැස් වූ බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් සහ මරණයට පත් පවුල් පරම්පරාවන්ගේ වත්මන් ඥාතීන් මෙම අතීත අවස්ථාව සැමරීමට සාම උද්‍යානයට රැස් වී සිටි අතර අගමැති “ෂින්සෝ අබේ” සහ හිරෝෂිමා නගරාධිපතිවරයාද මේ අවස්ථාවට සහභාගී විය.

පරමාණු බෝම්බ

1945 වසරේ අගෝස්තු 6 වැනි දා එක න්‍යෂ්ටික බෝම්බයකින් අපේ නගරය විනාශ කළා. එවක පැතිරුන කථාවකින් කියැවුනේ වසර 75 කට කිසිම දෙයක් මෙහි වැවෙන්නේ නැති බවයි. නමුත් සාමයේ සංකේතයක් බවට පත් වෙමින් අපි නැගිට්ටා..

මේ අවස්ථාවට වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතින්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සඳහන් කරන්නේ “බෙදීම ඇති කරන්නේ විනාශයක්. න්‍යෂ්ටික අවදානම මුලිනුපුටා දැමීමේ එකම මාර්ගය වන්නේ න්‍යෂ්ටික අවි මුලිනුපුටා දැමීමයි.

යුධ සමයේ ජපානය ලත් අත්දැකීම් නිසා ජපානය බලවත් ශාන්තිවාදී වැඩපිළිවෙලක් වෙත යොමු වූ අතර න්‍යෂ්ටික අවියෙන් තොර ලෝකයක් ගොඩ නැගීමේ වැඩපිළිවෙල වෙත යොමු වී ඇත.

හිරෝෂිමා සහ නාගසාකි නගර වල පැරණි පින්තූර මෙතනින් බලන්න. – Hiroshima and Nagasaki: 75th anniversary of atomic bombings

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ඔබේ අදහස මෙහි සඳහන් කරන්න.
scroll to top