Close
හෙළ දරු දැරියන්ගේ මාර්ගගත විද්‍යා ඉ-සඟරාව

බර්මියුඩා ත්‍රිකෝණය – අභිරහස ඇත්තට ම විසඳුනා ද?

බර්මියුඩා ත්‍රිකෝණය

හැම අතුරුදහන් වීමක් ම යක්ෂයාගේ ගිණුමට බැර කළ යුතු නැත.

බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිත ව ගුවන්යානාවන් සහ නෞකාවන් අබිරහස් ලෙසින් අතුරුදහන් වීම ගැන අධ්‍යයනයේ යෙදුන ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ කාලගුණ විද්‍යාඥයින් විසින් පෙන්වා දෙන්නේ මෙම කලාපයේ පවතින ෂඩාස්‍රාකාර වලාකුළු නිසා මෙම තත්වය ඇති වෙන බවයි. කාලාන්තරයක් පුරා හඳුනා ගත නොහැකිව තිබුන බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස පිලිබඳ හේතුඵල සම්බන්ධතාවය දැන් අනාවරණය වෙන ලකුණු මේ නිසා පහල වෙමින් පවතිනවාය කිව්වත් වරදක් නැහැ.

බර්මියුඩා ත්‍රිකෝණයේ ෂඩාස්‍රාකාර වළාකුළු

කාලගුණ විද්‍යාඥයින්ගේ අලුත්ම අදහසට අනුව බර්මියුඩා ත්‍රිකෝණය අසල මෙම ෂඩාස්‍රාකාර වලාකුළු පැයට සැතැපුම් 1700 ක වේගයෙන් ගමන්ගන්නා අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් හමන වේගවත් සුළං වායුබෝම්බ තරමටම අනතුරුදායක බවයි. එවිට ඇති වෙන කුණාටු සහිත කාලගුණ තත්වයේදී නැවක් වේවා ගුවන්යානාවක් වේවා අනතුරට පත්වීමට තිබෙන අවදානම ගැන දෙවරක් සිතන්න අවශ්‍ය නැතැයි කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ චන්ද්‍රිකා තාක්ෂණ කාලගුණ විද්‍යාඥ ආචාර්ය ස්ටීච් මලර් සඳහන් කරයි. මෙම විද්‍යාඥයින්ගේ පෙන්වා දීමට අනුව වායුබෝම්බ වැනි ෂඩාස්‍රාකාර වලාකුළු දැකිය හැකි වන්නේ බර්මියුඩා දූපත්හි බටහිර කෙළවර දෙසට වන්නටය.

බර්මියුඩා ත්‍රිකෝණය

මේ අතර ජර්මනියේ සාගර විද්‍යාඥ ” මෝර් වල්ලැග් ” සෝනාර් තරංග ආධාරයෙන් ලබා ගත් තොරතුරු අනුව පෙන්වා දෙන්නේ බර්මියුඩා ප්‍රදේශයට ආසන්න සාගර කලාපයේ පළිඟු වැනි දෙයකින් නිර්මාණය වූ පිරමීඩ පවතින බවයි. මෙම පිරමීඩවල උස ඊජිප්තු පිරමීඩ මෙන් දෙගුණයක් පමණ වෙන අතර එයින් නිපදවෙන චුම්බක බලයත් මෙම අතුරුදහන්වීම කෙරෙහි බලපාන බවයි. බහමාස් දූපත්හි පැවැත්වුන මාධ්‍ය සාකච්ඡාවේ දී වල්ලැග් සඳහන් කළේ ඇත්තටම දැන් බර්මියුඩාවේ අභිරහසට පිළිතුරු සපයා ගත හැකි බවයි.

ක්‍රි.ව. 1452 වසරේ ක්‍රිස්ටෝපර් කොලම්බස් මෙම යක්ෂයාගේ ත්‍රිකෝණය හෙවත් බර්මියුඩාව ඔස්සේ යාත්‍රා කරන විට විශාල ගිනි ජාලාවක් දුටු අතර ඒ සමග ඔහුගේ මාලිමාව අක්‍රිය වී ඇත.1881 වසරේදී ඇලන් ඔස්ටින් නෞකාව මෙම ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරද්දී එහි සිටි පිරිසට වෙනත් නෞකාවක් හමු විය. කාර්ය මණ්ඩලය විසින් මෙම නෞකාව හිස් නිසා ඇලන් ඔස්ටින් නෞකාවෙන් කිසියම් පිරිසක් මෙම නැව ට ඇතුලූ කිරීමට අදහස් කළහ. එහෙත් ඔවුන් නොසිතූ ලෙසින් නැව අතුරුදහන් වූ අතර නැවත මෙම නැව ඔවුන් දකින ලද්දේ එක් වරක් පමණි.

බර්මියුඩා ත්‍රිකෝණය

1945 වසරේ දෙසැම්බර් මාසයේ පස්වැනි දින ඉතා දක්ෂ පියාසර නිළධාරියෙකු වූ ”චාල්ස් ටේලර් “ගේ ගුවන්යානය මෙම කලාපයේදී අතුරුදහන් විය. ඇවෙන්ජර් යානා හයම මෙම කලාපයේදී ඉතා අවාසනාවන්ත ලෙසින් අතුරුදහන් වීම කාගේත් මවිතයට හේතු විය. ෆ්ලොරිඩාවෙන් ගුවන්ගත වුන ඇවෙන්ජර් යානය ලබා දුන් පණිවිඩයක සටහන් වූයේ මග සළකුණු පිලිබඳව සැකයක් ඇති බවයි. හමුදා පාලක මධ්‍යස්ථානය සමඟ සම්බන්ධතාවයන් ඒ සමග බිඳ වැටුණි. පසුව දැනගන්නනට ලැබුණේ මෙම යානාවන් මුහුදට කඩා වැටුණු බවයි.


1948 වසරේ ජනවාරි 30 වැනි දින ”බ්‍රිටිෂ් සවුත් ඇමරිකන් එයාර්වේස්” සමාගමට අයත් ”ස්ටාර් ටයිගර්” යානාව අසෝර්ස්හි ශාන්ත මරියා සිට බර්මියුඩාව දක්වා ගමන්කරනු ලැබුවේ ඒ වෙන විට පැවැති සුළං තත්වය ගැන වත් නොසළකමින්ය. දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ වීරයෙකු ලෙසින් සැළකූ “ආතර් කොනින්හැම්ද” මෙම යානයේ සිටි අතර පැය දොළහක ගමන්වාරය අවසාන කරන්නට බර්මියුඩා ත්‍රිකෝණය කලාපය ඔවුන්ට අවසර දුන්නේ නැත.

පෘථිවියේ ඔක්සිජන් ළඟදී ම අතුරුදහන් වේවිද?

 බ්‍රිටිෂ් සවුත් ඇමරිකන් එයාර්වේස් සමාගමට අයත් ''ස්ටාර් එරිල්" යානාව
බර්මියුඩා ත්‍රිකෝණය
බ්‍රිටිෂ් සවුත් ඇමරිකන් එයාර්වේස් සමාගමට අයත් ”ස්ටාර් එරිල්” යානාව

බ්‍රිටිෂ් සවුත් ඇමරිකන් එයාර්වේස් සමාගමට අයත් ”ස්ටාර් එරිල්” යානාව 1949 වසරේ ජනවාරි 17 වැනි දින බර්මියුඩා ත්‍රිකෝණයේ දී මඟීන් විසි පස් දෙනෙකු සමග අනතුරට පත් විය. ජනවාරි 25 වැනි දින තෙක් සෙවීම් කටයුතුවල නිරත වූ අතර ඔවුන් උත්සාහය අතහැර දැම්මේ යක්ෂයාගේ ත්‍රිකෝණය වෙතින් මෙම යානාවන්ට සමාවක් නොලැබෙන නිසාය. එහෙත්… දැන් තත්වය ඊට වෙනස්ය. හැම අතුරුදහන්වීමක්ම යක්ෂයාගේ ගිණුමට බැර කළ යුතු නැත. ඒ වෙනුවෙන් පසුවිපරමේ යෙදෙන කාලගුණ විද්‍යාඥයින්ගේ අධ්‍යයනයන් ඉදිරියේ මෙම අතුරුදහන්වීම පිටුපසින් ඇති කාලගුණ තත්වයන් හදුනාගෙන ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ඔබේ අදහස මෙහි සඳහන් කරන්න.
scroll to top