Close
හෙළ දරු දැරියන්ගේ මාර්ගගත විද්‍යා ඉ-සඟරාව

ඊ-දුම්වැටි (E-CIGARETTE) ගැන මේ දේවල් දැනුවත් ද?

ඊ-දුම්වැටි (E-CIGARETTE)

දුම්වැටි භාවිතයේ ආදීනව තේරුම් ගැනීම නිසා එම නරක පුරුද්ද මඟහැර ගැනීම සඳහා අලුත් විසඳුමක් ලෙස ඉදිරිපත් වූ ඊ-දුම්වැටිය කා අතරත් ඉතා හොඳින් ප්‍රචලිත වෙමින් පවතිනවා. තරුණ පිරිස් අතර දුම් පානය ජනප්‍රිය වෙමින් පවතින කාලයක මෙම ඊ-දුම්වැටි නිසා සෞඛ්‍යමය ගැටලු ඇති වෙමින් පවතින බව සංඛ්‍යාලේඛන දත්ත අනුව පෙනී යන කරුණක්.

අන්තර්ජාල පහසුකම් වර්ධනය වීම සහ දරුවන් අත ස්මාර්ට් ජංගම දුරකථන ආදී විද්‍යුත් සන්නිවේදන උපාංග වැඩි කාලයක් රැඳී තිබීම සිදු වීම නිසා වර්තමානයේ දී අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇනවුම් කිරීම ඔවුන්ට පහසු වී ඇත. ඉතින් ඒ භාණ්ඩ අතරට විද්‍යුත් දුම්වැටියක් ඇතුළත් විය නොහැකි ද? ඔවුන් ආරක්ෂා කරගත හැක්කේ ඔබේ අවධානය තුළින් ම පමණයි.

මොකක්ද මේ ඊ-දුම්වැටි කියන්නෙ?

සරලව කියනවා නම් විදුලියෙන් ක්‍රියාත්මක වන විද්‍යුත් දුම්වැටියක්. සාමාන්‍ය දුම්වැටි වල ඇති දුම්කොල වෙනුවට මේවායේ අන්තර්ගත වෙන්නේ වාශ්පශීලී සංයෝග කිහිපයක්. ගින්දරෙන් වෙනුවට මෙය ක්‍රියාත්මක වෙන්නෙ කුඩා බැටරියකින්.

ඊ-දුම්වැටි (E-CIGARETTE)

සාම්ප්‍රදායික දුම්කොල සහිත දුම්වැටි භාවිතය කෙමෙන් තරුණ පිරිස් අතර අඩුවෙමින් පවතිනවා. නමුත් විවිධ වාර්තා පෙන්වා දෙන අන්දමට 2025 වන විට ඊ-දුම්වැටි අලෙවිය, සාම්ප්‍රදායික දුම්වැටි අලෙවිය ඉක්මවා යනු ඇති බව විශ්වාස කරනවා.

2011 සිට 2014 කාලය ගත් විට තරුණ පිරිස අතර විද්‍යුත් දුම්වැටිය කෙරෙහි ඇති වූ නැඹුරුතාවය 800%ක් වෙනවා. මේ අය අතරින් මිලියන 2.6ක පිරිසක්ම මධ්‍යම හා උසස් පාසල් වයසේ පසුවන්නන් වීම විශේෂත්වයක්.

ඊ-දුම්වැටි (E-CIGARETTE)

මේ වර්ධනයට හේතුව මොකක්ද?

විශේෂඥයින් පෙන්වා දෙන අන්දමට විද්‍යුත් දුම්වැටි නිප සමාගම් විසින් තමන්ගේ ප්‍රචාරණ වියදම් පසුගිය කාලයේ ශීඝ්‍ර ලෙස ඉහළ දමා තිබෙනවා. මේ අනුව 2014 වන විට ළමුන් 10 දෙනෙකුගෙන් 07 දෙනෙකුගේ ප්‍රමාණයක් වෙළඳ දැන්මේවීම් මඟින් ඊ-දුම්වැටිය ගැන දැනුවත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අන්තර්ජාල වෙබ් අඩවි, මාර්ගගත අලෙවිසැල් සහ රූපවාහිනී වෙළඳ දැන්වීම් මේ සඳහා වැඩිපුරම යොදාගෙන තිබෙනවා.

වෙළඳ දැන්වීම් වලට පරිබාහිරව පොදු මහජනයා අතර ප්‍රචලිත වෙන අදහස් වලිනුත් මේ සඳහා ප්‍රසිද්ධියක් ලැබී තිබෙනවා. උදාහරණයක් ලෙස “ඊ-දුම්වැටි වල නිකොටින් අන්තර්ගත නැහැ.” කියන අදහස බොහෝ දෙනෙක් විශ්වාස කරන දෙයක් බවට පත් වෙලා. කෙසේ නමුත් සියලුම ඊ-දුම්වැටි වල නිකොටින් අන්තර්ගත ද්‍රවමය ඇබ්බැහිකාරක අන්තර්ගත වෙනවා.

මේවා භාවිතය නිසා ඇතිවිය හැකි සෞඛ්‍යමය හානි මොනවාද?

  • පෙනහලු අකර්මන්‍ය වීම
  • බ්‍රොන්කයිටීස් සහ ඇදුම වැනි තත්ත්වයන් ඇතිවීම
  • දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇතිවීම
  • නිකොටින් සඳහා ඇබ්බැහි වීම සහ තවත් කරුණු රාශියක් පවතිනවා.
ඊ-දුම්වැටි (E-CIGARETTE)

මේ අතර ඊ-දුම්වැටි පිපිරී යාමේ අවධානමක්ද පවතිනවා. 2012 සිට 2015 කාලය තුළ මෙවැනි පිපිරීම් 30ක් වාර්තා වී ඇති අතර ඉන් එකක් පුද්ගල මරණයක් ඇති කරනු ලැබුවා.

තවමත් මේවායේ ආදීනව, එමඟින් ඇතිවිය හැකි සෞඛ්‍ය ප්‍රශ්න  ගැන කියා දෙන්නට තරම් ශක්තිමත් පර්යේෂණයක් මෙතෙක් සිදු වී නැහැ. නමුත් ඔබ මාධ්‍ය තුළින් ඊ-දුම්වැටිය කියන්නෙ භයානක දෙයක් කියලා කවදාවත් අහන්නෙ නැතිවේවි. ඒ නිසා තරුණ පිරිස් විශ්වාස කරන්න පටන් ගනීවි මේවා සෞඛ්‍ය හිතකර, සාම්ප්‍රදායික පිළිකා වර්ධක සිගරැට්ටුවට හොඳ විසඳුමක් කියලා.

ඔබේ දරුවා දුම්පානය සඳහා යොමු වී ඇතිදැයි දැනගන්නේ කෙසේද?

  • වියළි සම
  • වියළි කැස්ස සහිත බව
  • වැඩිපුර කෝපි, සෝඩා වැනි දේ පානය කිරීම
  • උඟුර හෝ මුඛය ඉරිතැලුණු ස්වභාවය
  • දිනකට පානය කරන සාමාන්‍ය ජල පරිමාවට වඩා ජලය පානය කිරීම.

බර්මියුඩා ත්‍රිකෝණය – අභිරහස ඇත්තට ම විසඳුනා ද?

අපේ තරුණ ළමයින් ආරක්ෂා කරගන්නේ මෙහෙමයි.

මේවා තවමත් ලංකාවේ ප්‍රචලිත වී නැහැ. ඒ වගේම තවම ප්‍රසිද්ධ මාධ්‍ය වල ප්‍රචාරණය සිදු කෙරෙන්නේත් නැහැ. නමුත් අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමට අවශ්‍ය තරම් පහසුකම් පවතින නිසා මෙවැනි හානිකර දේත් අපේ රටට මේ වන විටත් පැමිණී තිබෙනවා. ඒ වගේම සමහර විදේශිකයින් ප්‍රසිද්ධ ස්ථානවල දුම් පානය කරමින් එය සාමාන්‍ය දෙයක් බවට අඟවන්නට උත්සාහ දරමින් වක්‍ර ලෙස ප්‍රචාරණයක නියැලෙනවා.

ඊ-දුම්වැටි (E-CIGARETTE)
  • තරුණ ළමයි මේ ගැන දැනුවත් කරන්න
  • මේ පිළිබඳ දැන්වීම් අවහිර කරන්න
  • මාර්ගගත අලෙවිය වැළැක්වීම
  • මිලදී ගැනීම සම්බන්ධව වයස් සීමාවන් පැනවීම.
  • පාසල් අසල දුම්වැටි අලෙවිසැල් ඉවත් කිරීම

විදුජය වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

ඔබේ අදහස මෙහි සඳහන් කරන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ඔබේ අදහස මෙහි සඳහන් කරන්න.
scroll to top