Close
හෙළ දරු දැරියන්ගේ මාර්ගගත විද්‍යා ඉ-සඟරාව

ගව ශුක්‍රාණු අඩංගු ශක්තිජනක පානයක්?

Taurine ගව ශුක්‍රාණු

කෙලින්ම කියනව නම් මේ කතාකරන්න හදන්නෙ අපි හැමෝම දන්න, ගොනෙක්ගෙ ලකුණ සහිත ශක්තිජනක පානයක් ගැනයි. ඉතින් සමහරු හිතාගෙන ඉන්නවා මේවයෙ ගවයින්ගෙ ශුක්‍රාණු අඩංගු වෙලා තියෙනවා කියලා. ඔයාලා ඒවයෙ අන්තර්ගත ද්‍රව්‍ය පිළිබඳව ලේබලය කියවා බැලුවා නම් එක් අන්තර්ගත ද්‍රව්‍යයක් තිබෙනවා taurine කියලා නමක් තියෙනඅන්න ඒක ගැන තමයි මේ ලිපියේ අවධානය යොමු වෙන්නෙ.

1. මොනාද taurine කියන්නෙ? 

Taurine කියන්නෙ ඇමයිනෝ අම්ලයක්. ඇමයිනෝ අම්ල කියන්නෙ ප්‍රෝටීන වල මූලික තැනුම් ඒකකය බව අපි ඉගෙනගෙන තිබෙනවා. මේ කියන Taurine නම් සත්ත්ව පටක වල තමයි වැඩිපුර අන්තර්ගත වෙන්නෙ.

taurine 1024x528 1

2. කොහේද ඒවා තියෙන්නෙ? 

Taurine බහුලව තිබෙන්නේ මස් හා මාළු වලයි. ඒ වගේම මිනිස් පටක වලත් තිබෙනවා. මහා බඩවැල සහ මව් කිරි වල මේවා ප්‍රධාන වශයෙන් අන්තර්ගතයි.

3. නම හැදුනේ මෙහෙමයි.

Taurine මුලින්ම හොයාගෙන තියෙන්නෙ ගොන්නුන්ගේ පිත්තාශයෙනුයි. ඒ නිසා ඒකට ලතින් භාෂාවේ ගොනා හඳුන්වන්නට යෙදෙන ‘taurus’ කියන වචනයෙන් ඇති වෙලා තිබෙනවා.

taurine
ගව ශුක්‍රාණු

4. පෝෂණ ගුණය – 

පෝෂණ ගුණයෙන් ඉහළ taurine පහත අයුරින් අපිට උපකාරී වෙනවා.

  • මාංශපේෂී වර්ධනයට
  • රුධිර පීඩනය පවත්වා ගැනීම
  • හෘදයේ කපාට නිවැරදිව ක්‍රියාත්මක වීමට
  • දෘෂ්ටි විතානයේ මනා ක්‍රියාකාරීත්වය
  • මධ්‍ය ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට

5. වැඩි උනොත් විෂ වේවි.

2003 වර්ෂයේදී යුරෝපීය ආහාර ආරක්ෂණ අධිකාරිය විසින් පළකරන ලද අධ්‍යයන වාර්තාවකට අනුව පෙන්වා දෙන්නේ දිනකට ශරීරයේ බර කිලෝග්‍රෑම් එකකට  මිලිග්‍රෑම් 1,000 mg ක ප්‍රමාණයකින් taurine හානිකර වෙන්නෙ නැහැලු. නමුත් බොහෝ දේවල් වගේ ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියනවා වගේ මේකටත් ඒ කියමන වලංගුයි.

පරමාණු බෝම්බ ඛේදවාචකය – “ලිට්ල් බෝයි” සහ “ෆැට් මෑන්” පරමාණු බෝම්බ නිසා විනාශ වූ ජපානය

6. Taurine මේ නිෂ්පාදන වල ඇතුළත් වෙලා තියෙනවා.

  • ශක්තිජනක පාන
  • ළදරු ආහාර
  • රූපලාවන්‍ය නිෂ්පාදන

7. Taurine නිෂ්පාදනය කරන්නෙ ගවයින්ගෙ ශුක්‍රාණු වලින්ලු.

taurine නිෂ්පාදනය කරන්නේ ගවයින්ගේ ශුක්‍රාණු වලින් කියලා කියන එක නම් බොරුවක්ලු. හැබැයි Taurine ගවයින්ගේ ශුක්‍රාණු වල අන්තර්ගත වෙනවා. හැබැයි ගවයින්ගේ ශුක්‍රාණු වලින් ලබාගන්නා ලද Taurine නම් ඔබ පානය කරන ශක්තිජනක පානයේ අඩංගු වෙලා නැහැ. ගොඩක් සංඝටක වගේ මේකත් විද්‍යාගාර වල කෘත්‍රිමවයි නිෂ්පාදනය වෙන්නෙ.

හැබැයි ගවයින්ගෙන් ශුක්‍රාණු ලබාගන්නෙ මේ විදිහටයි.

8. Taurine ගන්නා මූලාශ්‍ර

taurine ලබා ගන්නට සතුන්ට හිංසා කරන්නේ නැහැ. වර්තමානයේ මෙවැනි ද්‍රව්‍ය ආහාර සංඝටක නිපදවන කර්මාන්තශාලා වල නිපදවෙනවා. චීනයේ විතරක් Taurine නිපදවන කර්මාන්තශාලා 40ක් තියෙනවාලු.

9. “….” ශක්තිජනක පානය මගේ සෞඛ්‍යයට හොඳයිද?

නැහැ. ගොනෙකුගේ සළකුණ සහිත සුප්‍රසිද්ධ ශක්තිජනක පානයේ ඉතා අධික ප්‍රමාණයෙන් සීනි අන්තර්ගත වෙනවා. Taurine තිබුණ පමණින්ම විතරක් ශක්තිජනක පානයකින් සෞඛ්‍යයට ධනාත්මක බලපෑමක් ඇති කරන්නේ නම් නැහැ.

10. ඉහල ඉඳන් කියවගෙන ආවානම් අදාළ ශක්තිජනක පානයට ඒ නම ලැබුණ විදිහ හිතාගන්නත් පුළුවන් වගේ නේද?

විදුජය වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ඔබේ අදහස මෙහි සඳහන් කරන්න.
scroll to top