Close
හෙළ දරු දැරියන්ගේ මාර්ගගත විද්‍යා ඉ-සඟරාව

අන්තර්ජාලය ඔස්සේ තම නිරුවත පෙන්වූ තරුණියට අත්වූ ඉරණම

අන්තර්ජාලයේ නිරුවත

මේ අත්දැකීමට මුහුණ දෙන්නේ ඔබේම පෙම්වතිය, දියණිය, සොයුරිය විය හැකියි. එබැවින් මේ පිළිබඳ අවධානය යොමු කර ඔබගේ ආදරණීයයන් ආරක්ෂා කර ගැනීමටත්, කාමාතුරයන්ගේ ගොදුරු හෝ ජාත්‍යන්තරයේ අලෙවි වන තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කරනු ඇතැයි විශ්වාස කරනවා.

මේ කතාවේ තරුණිය තමන්ගේ පෙම්වතා සමඟ අන්තර්ජාලය ඔස්සේ වීඩීයෝ මඟින් සංවාදයක යෙදෙන අතරතුර පෙම්වතාගේ බලවත්ම ඉල්ලීම පරිදි තම නිරුවත දක්වා සිටිනවා. මේ ලිපිය අවසානයේ ඇති වීඩීයෝවේ සඳහන් වෙනවා ඇය ඔහු සමඟ සිදු කළ සියලු ක්‍රියාකාරකම් සහ අවසානයේ ඇයට සිදුවූයේ කුමක්ද කියා.

තාක්ෂණය භාවිතයේ අඳුරු පැතිකඩ

කුරුලු ජෝඩුවක් වගේ ආදරෙන් කතාබහ කරන පෙන්වතුන් හට වීඩියෝ චැට් එකක් කරන්න තියෙනවනම් කොච්චර ආසයිද? ඒත් ඒ ගොඩක් සංවාද අවසන් වෙන්නේ ගොඩාරියක් දුරදිග ගිහිල්ලා. සමහරවිට ඇඟේ නූල්පටක් නැතුව වෙන්න පුළුවන්. මේ ජෝඩුව වගේ වෙබ්කැම් චැට් කරද්දි ඒ වගේ දේවල් කරන එක භයානක අවසානයක් ඇතිකරන්න පුළුවනි.  සමහරවිට එයාලගේ අතිශය පෞද්ගලික සංවාදය හෙට වෙනකොට අසභ්‍ය වෙබ් අඩවියක මුළු ලෝකයටම දර්ශනය වේවි. ඒත් එහෙම කරන්නෙ ඇයගේ පෙම්වතා විසින් නොවුණත් ඔවුන්ගේ ආදරය මේ සිද්ධියෙන් ඇති වන අවිශ්වාසය හේතුවෙන් දෙදරා යනවා.

Screenshot 2023 08 08 012517

ඒත් සමහර කොල්ලෝ වර්ගයකුත් ඉන්නවා බැරිවෙලාවත් දෙන්නගේ සම්බන්ධතාවය නතර වුණොත් මේ වගේ පරණ මතකයන් අන්තර්ජාලයට මුදා හැරලා ඇයගෙන් පලි ගන්නවා.

නමුත් මේ විදිහට සිදුවෙන්නෙ කොහොමද?

සමහර ඇන්ඩ්‍රොයිඩ් ඇප් වලින් ඔයාලගේ ජංගම දුරකථනයේ හෝ ලැප්ටොප් එකේ තිබෙන පෞද්ගලික තොරතුරු සොරාගන්නට සමත් වෙනවා. විශේෂයෙන්ම අසභ්‍ය දේවල් සහිත ඇප් සහ වෙබ් අඩවි මේ අතර ප්‍රධානයි.  ඒක පුංචි දැන්වීමක් වෙන්න පුළුවනි. ඒක මත ඔයා ක්ලික් කරනකොට ඔබේ රහස්‍ය තොරතුරු ඔවුන් හට ලබා ගැනීමට ඔබ අවසර ලබා දීලා. ඉතින් හැකර්වරු ඔයාගෙ පෞද්ගලික තොරතුරු දැනගැනීම හෝ ඔබ මේ දැන් සිදු කරන නිරුවත් වීඩීයෝ සංවාදය රහසින් බලමින් පටිගත කරගෙන අන්තර්ජාලයට මුදා හැරීමට පිඹුරුපත් සකසනවා වෙන්නත් බැරි නැහැ.

Screenshot 2023 08 08 012603

අනිත් කාරණාව තමයි කෙල්ලයි කොල්ලයි ගොඩාක් ආදරෙන් ඉඳලා තමන්ගේ පෞද්ගලික දේවල් වීඩියෝ කරලා ජංගම දුරකථනයේ හෝ පරිගණකයේ තැන්පත් කරගෙන ඉඳලා පස්සෙ කාලෙක ඒවා ඩිලීට් කරනවා. ඒත් ඔබ දන්නවාද? සමහරවිට ඔබේ දුරකථනය හෝ පරිගණකය අලුත්වැඩියා කිරීමට ලබා දුන්විට ඒ අයට පුළුවන් ඔබ විසින් ඩිලීට් කරන ලද වීඩියෝව උනත් නැවත ලබා ගන්න. තාක්ෂණය ඒ තරමටම දියුණුයි. එහෙම අරගෙන නිරුවත් වීඩියෝවක් අන්තර්ජාලෙට මුදාහැරියොත්, දෙන්නා කොච්චර ආදරෙන් හිටියා උනත් සමාජයේ ලැජ්ජාවට පත් වෙන්න වෙනවනේ.

කොල්ලයි කෙල්ලයි නිරුවතින් චැට් කරපුවා අන්තර්ජාලෙට ලීක් වෙලා

තාක්ෂණයේ දියුණුව ඒ විදිහට ඉදිරියට යනකොට සමහර විකෘති මානසික තත්ත්ව තියන උදවිය හෝ අපරාධයක් කිරීමේ අරමුණින් යුතු අයට මේ වගේ අවස්ථා මඟහරින්න උවමනාවක් ඇත්තේම නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබ අන්තර්ජාලය තුළ අපචාරයකට ලක් වෙනවා නිසැකවම. ඊට අමතරව ඔබ නොදැනුවත්වම අන්තර්ජාලය තුළ ඔබේ නිරුවත අලෙවි වෙනවා වන්නට පුළුවනි.

Screenshot 2023 08 08 012631

ඇයි ගැහැණු ළමයෙක් මෙවැනි දේකට කැමති වෙන්නේ?

සමහරවිට පුංචි ‘හායි’ එකකින් පටන් අරගෙන කතාව දිග්ගැස්සෙද්දි වෙන්නත් පුළුවනි. ඔයා කොච්චර චැට් කලත් කොල්ලට ආදරේ පෙන්නන්නෙ බොරුවට නේද? එහෙම කොල්ලට හිතුණොත් එහෙම… ආ!. ඒ වෙලාවට තමයි “ඔයා මට ඇත්තටම ආදරෙයි නම් අද ඔය ඇඳුම්ටික ගලවලා පෙන්නන්නකෝ.” කියලා කෙල්ලව බිලී බාගන්නෙ. ඉතින් කෙල්ලත් තම පිවිතුරු ප්‍රේමයේ නාමයෙන් කොල්ලාගේ උපදෙස් අනුව (ආදරේ) පෙන්නුම් කරනවා. අනේ නැත්නම් එයා තරහ උනොත් එහෙම. නමුත් දැන් ඔයාට තේරෙනවා නේද ආදරේ නාමයෙන් හෝ තාක්ෂණික උපකරණ ඉදිරිපිට තම නිරුවත පෙන්වීම අනතුරුදායක දෙයක් කියලා?

වැඩිදුර කියවන්න – සරුංගලය නිල් අහසේ වරල් සැලුවේ මෙහෙමයි.

ලෝකය ලස්සන තැනක් කරන්න ඔබත් දායක වන්න.

Screenshot 2023 08 08 012718

ඔබේ මනස විවෘත කරන්න. ආදරයෙන් අන්ධ වෙන්න හදන්න එපා. ඇය හෝ ඔහු ඔබ සමඟ නිරුවත පෙන්වන සංවාදයකට ආරාධනා කරනවානම් ඔබේ හඬ අවදි කරන්න. විරුද්ධ වන්න. විමසා සිටින්න අසභ්‍ය වෙබ් අඩවියක තමන් අලෙවි වනවාට කැමතිද කියා. ඉතින් ඔබටත් සමහරවිට මෙවැනි අත්වැරදීමක් නිසා සිදුවීමට හැකි අපහසුතාවය වළක්වා ගන්නට ඔබේ බුද්ධියට ඉඩදීමට සිදුවන වෙලාවක් ඒවි.

අන්තර්ජාලය නිසා ඔබ අපහසුතාවයකට පත් උනොත් මොකද කරන්නේ?

ඔබේ ඡායාරූපයක්, වීඩියෝවක් ඔබේ අවසරයකින් තොර ව අන්තර්ජාලයේ පළ කිරීම නිසා ඔබ අපහසුතාවයට පත් වුව හොත් දැන් සියදිවි නසා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. ශ්‍රී ලංකාව තුළ සහාය ලබා ගත හැකි ආයතන කිහිපයක් ම තිබෙනවා. පහතින් ඒ් පිළිබඳ තොරතුරු දක්වන්නම්..

ළමා ඔබට මේ සම්බන්ධ තවත් වටිනා දැනුම් සම්භාරක් ලබා ගැනීමට ඔබට පහත පොත නොමිලේ අන්තර්ජාලය ඔස්සේ කියවීමට හැකියි. ඒ සඳහා පහත පින්තූරය මත ක්ලික් කරන්න.

අන්තර්ජාලය ඔස්සේ නිරුවත

ඉතින් බලන්නකෝ මේ නංගිට මොකක්ද උනේ කියලා පල්ලෙහා තියෙන වීඩියෝවෙන්. ඊටපස්සෙ තමන්ගෙ යෙහෙළියන්ට, නංගිලාට, අක්කලාට දැනුවත් වෙන්න මේ ලිපිය ශෙයා කරන්නත් අමතක කරන්න එපා.

පහත දැක්වෙන වීඩියෝව අධ්‍යාපනික අරමුණකින් යුතු ව සමාජය දැනුවත් කිරීම සඳහා නිර්මාණය කරන ලද්දක් වන අතර, එබැවින් එහි නිරූපණය වන්නේ නළු නිළියන් දෙපලක් බවත්, වීඩියෝවේ යම් ස්ථානයක් බොඳ කිරීමට ලක් කළා වුවද අදාළ තරුණිය සත්‍ය වශයෙන් ම නිරුවත නොපෙන්වන බවත් සලකන්න.

විදුජය වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ඔබේ අදහස මෙහි සඳහන් කරන්න.
scroll to top