ඔබ අභ්‍යවකාශය ගවේෂණය කරන ගගනගාමියෙක් යැයි සිතන්න. ඔහ්! ඔබ අහම්බෙන් ඔබේ අභ්‍යවකාශ යානයේ වායු අගුලෙන් ඉවතට විසි වී ඇත. ඔබ අභ්‍යවකාශ ඇඳුමක් පැළඳ නොසිටියහොත් සහ ඔබේ ශරීරය අභ්‍යවකාශයේ රික්තයට නිරාවරණය වුවහොත් කුමක් සිදුවේද?
සැලකිල්ලට ගත යුතු පළමු දෙය නම්, මෙම සිද්ධියට අදාළ ව බොහෝ හොලිවුඩ් චිත්‍රපටි වල ඇති නිරූපණයන් අතිශයෝක්තියෙන් පිරී ඇති බවයි. හිස්වැසුම්වලින් හෝ අභ්‍යවකාශ ඇඳුම් රහිත අනාරක්ෂිත පුද්ගලයන්, පිපිරී යාම හෝ ක්ෂණිකව කැටි වී මිය යන බව ඔවුන් පෙන්වයි. නමුත් යථාර්ථයේ දී, බලපෑම් සමාන වනු ඇති නමුත්, අඩු අතිශයෝක්තියක් පැවතිය හැකිය. අභ්‍යවකාශයේ ඇඳුමක් නොමැතිව පාවෙන ගගනගාමියෙකු යම් කාලයක් නොනැසී සිටිනු ඇත. නමුත් ඔවුන්ගේ අභාවය තත්පර කිහිපයකින් නොව මිනිත්තු කිහිපයකින් සිදුවිය හැකිය.
අභ්‍යවකාශයේ දී සිරුරේ ඇති ජලයට කුමක් සිදු වේ ද?
අභ්‍යවකාශය යනු වාතයෙන් තොර රික්තයකි – එනම් පෘථිවියේ මෙන් නොව වායුගෝලයක් නොමැති අතර වායු අණු මගින් පීඩනයක් ඇති නොකරයි. වායුගෝලීය පීඩනය මඟින් විවිධ පදාර්ථ ඝන, ද්‍රව සහ වායු බවට හැරෙන උෂ්ණත්වයන් තීරණය කරයි. පෘථිවි මුහුදු මට්ටමේ පවතින බැවින් ද්‍රවයකින් පිටත වාතය මගින් ඇති කරන පීඩනය වැඩි ය. නමුත් අභ්‍යවකාශයේ ප්‍රායෝගිකව වායුගෝලීය පීඩනයක් නොමැති නිසා ද්‍රව වල තාපාංකය සැලකිය යුතු ලෙස අඩු වේ.
“ඔබට සිතාගත හැකි පරිදි, මිනිස් සිරුරෙන් 60% ක් ජලයෙන් සෑදී ඇති බැවින්, මෙය බරපතල ගැටළුවකි,” NASA හි මානව පර්යේෂණ වැඩසටහනේ මූලද්‍රව්‍ය විද්‍යාඥ ආචාර්ය Kris Lehnhardt විසින් එසේ පවසන ලදි. පීඩනය නොමැති විට, අපගේ ශරීරයේ දියර ජලය උණු වේ. වහාම ද්‍රවයක සිට වායුව දක්වා වෙනස් වේ. “සාරාංශයක් ලෙස, ජලය අඩංගු ඔබේ ශරීරයේ සියලුම පටක පුළුල් වීමට පටන් ගනී.” ඔහු පැවසීය.
සමහර මිනිසුන් ඇත්ත වශයෙන්ම රික්තක තත්ත්වයට ආසන්නව නිරාවරණය වී ඇති අතර, එම අත්දැකීම විස්තර කිරීම සඳහා දිවි ගලවා ගෙන ඇත. 1966 දී, NASA හි අභ්‍යවකාශ ඉංජිනේරුවෙකු වන Jim LeBlanc, දැවැන්ත රික්තක කුටියක අභ්‍යවකාශ ඇඳුම් මූලාකෘතිවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමට උදව් කරමින් සිටියේය. පරීක්ෂණයේ යම් අවස්ථාවක, ඔහුගේ ඇඳුමට වායු පීඩනය ලබා දෙන නලය විසන්ධි විය. “මට සිහිය නැති වීමට මොහොතකට පෙර මගේ දිවේ තිබූ කෙළ බුබුළු ගැසීම මට දැනුණා. එය මට මතකයේ තිබුණු අවසාන දෙයයි.”
ඊජිප්තු ශිෂ්ඨාචාරයෙන් ලොවට දායාද කළ නව නිපැයුම්
කායික තරලවල වායු බුබුලු ඇතිවීම, ඉබුලිසම් (Ebullism) ලෙස හැඳින්වේ. මෙම සංසිද්ධිය ගැඹුරු දිය යට කිමිදුම්කරුවන් තුළද සිදු වේ. ඔවුන් අධික පීඩනයකින් යුත් දිය යට පරිසරයක සිට ජල මතුපිට අඩු පීඩනය දක්වා වේගයෙන් මතුපිටට ගමන් කරයි. එවිට ද ශරීරයේ පටකවල වේගවත් ලෙස ඉබුලිසම් තත්ත්වයක් හට ගනු ඇත. 2013 දී Aerospace Medicine and Human Performance සඟරාවේ සිදු කරන ලද සමාලෝචනයක් මගින්, මීට පෙර විවිධ අවස්ථාවල දී සතුන් සහ මිනිසුන් රික්තකවලට නිරාවරණය වූ අවස්ථා සම්බන්ධ ව අධ්‍යයනය කළ විට, ඔවුන්ට තත්පර 10ක් ඇතුළත සිහිය නැති වී ඇති බව සොයා ගන්නා ලදී. ඔවුන්ගෙන් සමහරෙකුට පසුව තම මුත්‍රාශයේ සහ ආහාර ජීර්ණ පද්ධතියේ පාලනය නැති වූ අතර, ඔවුන්ගේ මාංශ පේශි ඉදිමීම මඟින් හදවත සහ මොළයට රුධිර ප්‍රවාහය අවහිර කළේය.
“කිසිම මිනිසෙකුට මෙයින් ගැලවිය නොහැක – මිනිත්තු දෙකකට අඩු කාලයකදී මරණය සිදුවිය හැකිය,” Lehnhardt පැවසීය.
කිසිවෙකුට ගැලවීමට නොහැකි ය.
NASA හි ජෛව අභ්‍යවකාශ විද්‍යා දත්ත පොතට අනුව, අභ්‍යවකාශයේ රික්තය ඔබේ පෙණහලුවලින් වාතය පිටතට ඇද දමනු ඇත. එමඟින් මිනිත්තු කිහිපයකින් ඔබට හුස්ම හිරවිය හැකිය. රික්තකය විසින් ඔබේ ශරීරයෙන් වායුව සහ ජල වාෂ්ප ඔබේ ශ්වසන මාර්ගය හරහා ඇදගෙන යනු ඇත. ජලය අඛණ්ඩව තාපාංකයට ගමන් කිරීම ද බලපෑමක් ඇති කරයි. ජල අණු වාෂ්පීකරණය වීම සඳහා ඔබේ ශරීරයෙන් තාප ශක්තිය අවශෝෂණය කර ගන්නා බැවින්, ඔබේ නාසය සහ මුඛය ආසන්නයේ කොටස් දැඩි ලෙස සිසිල් වී කැටි කිරීමට හේතු වේ. ඔබේ ශරීරයේ ඉතිරි කොටස ද මද වේලාවකින් සිසිල් වනු ඇත.
තාරකා භෞතික විද්‍යාඥ පෝල් සූටර් ෆෝබ්ස් සඟරාවට පැවසූ පරිදි, උෂ්ණත්වය යනු පරමාණු සහ අණු කොපමණ ශක්ති ප්‍රමාණයකින් චලනය විය යුතුද යන්න පිළිබඳ මිනුමක් වේ. රික්තය හෝ අවකාශය හිස් බැවින්, තාප සංක්‍රමණය සඳහා අවශ්‍ය පදාර්ථය නොමැත. කෙසේ වෙතත්, පුද්ගලයෙකුට තම සිරුරේ පවතින ජලය වාෂ්ප වීමෙන් හා ශරීරයෙන් පිටවන තාප විකිරණ ඔස්සේ ශරීර උෂ්ණත්වය සෙමෙන් හානි වීම නිසා ටික වේලාවකින් ශරීරය දරදඬු තත්ත්වයකට පත් විය හැකි ය.
එබැවින් ඔබ අභ්‍යවකාශ ගත වන සෑම අවස්ථාවක ම අමතක නොකර, ඔබගේ අභ්‍යවකාශ ඇඳුම අඳින්න.