Close
හෙළ දරු දැරියන්ගේ මාර්ගගත විද්‍යා ඉ-සඟරාව

මළ මුහුද ගැන, ඔබ මේ කරුණු දැන සිටියා ද?

මළ මුහුද

මළ මුහුද, එහෙමත් නැත්නම් ලුණු මුහුද කියන්නෙ නැගෙනහිරින් ජෝර්දානයට සහ බටහිරින් වෙස්ට් බෑන්ක් ප්‍රදේශයටද මායිම් වූ ලවණ අධික විලක් කියා හඳුන්වන්න පුළුවනි. මෙය පෘථිවියේ පවතින මෙම ස්ථානයටම පමණක් ආවේණික ලක්ෂණයක් ලෙසත් සඳහන් කළ හැකියි. ඉතින් ඔබට පහළින් මළ මුහුද ගැන අතිශය සිත්ගන්නාසුළු කරුණු කිහිපයක් දැනගැනීමේ අවස්ථාව උදා වෙනවා.

මළ මුහුද

1. ලෝකයේ පහළම ම තැන

ඔබ දන්නවාද? මෙතැන තමයි භූමිය මත පිහිටා ඇති ලෝකෙ තියන පහත්ම ස්ථානය තිබෙන්නෙ. භූමිය මත කියලා විශේෂයෙන්ම අදහස් කරන්න හේතුව තමයි සාගර පතුලේ පෘථිවියේ ගැඹුරුම ආගාධය පිහිටා තිබෙන නිසා. මළ මුහුදේ මතුපිට පෘෂ්ඨය හා එහි වෙරළ ගත්විට මුහුදු මට්ටමේ සිට මීටර් 394ක් (අඩි 1,291) පහතින් පිහිටා තිබෙනවා.

2. වැඩියෙන්ම ලුණු තියෙන තැන මළ මුහුද ලු.

මළ මුහුදේ ගැඹුර මීටර් 377ක් (අඩි 1,237) වෙනවා. මේ නිසා මෙය ලොව පවතින ගැඹුරුම අධිසාන්ද්‍ර ලවණ විල බවටද වාර්තාගත වෙනවා. අධිසාන්ද්‍ර ලවණ විලක් යනු සැලකිය යුතු ප්‍රමාණයකින් සෝඩියම් ක්ලෝරයිඩ් හෙවත් ලුණු හෝ වෙනත් ඛණිජ ලවණ අධික සාන්ද්‍රණයකින් පවතින සෑම පැත්තකින්ම ගොඩබිමින් වටවූ  ස්ථානයක්. අනිවාර්යයෙන්ම මෙහි ලවණ සාන්ද්‍රණය සාමාන්‍ය කරදියට වඩා ඉතාමත්ම වැඩියි.

මළ මුහුද
ලෝකයේ ලවණ සාන්ද්‍රණය වැඩිම විල කියා හඳුන්වන්න පුළුවනි.

3. අංක එක

මෙහි ලවණතාවය 33.7% පමණ වෙනවා. ඒ නිසා මෙයට, ලෝකයේ තිබෙන ලවණ අධිකම ජලය සහිත ස්ථානය ලෙස හඳුන්වනවා. මීට අමතරව Assal (Djibouti) විල, Garabogazköl විල සහ ඇන්ටාක්ටිකාවේ වියළි නිම්න වල පවතින Don Juan විල වැනි සමහර ලවණ සහිත ඒවාත් ලවණ අධික ස්ථාන බවට වාර්තා වෙනවා. 

4. පාවෙන්නත් පුළුවනි

අනපේක්ෂිත අන්දමින් මෙම ස්ථානයේ ලවණ අධික වීම නිසා අපට වාසියක් අත් වෙනවා. ඒ තමයි ස්වභාවිකව ඇතිවන ඉපිලුම නිසා පහසුවෙන් ජලය මතුපිට පාවෙන්න අපට පුළුවන් වෙලා තිබෙනවා.  

මළ මුහුද

දැනුමට යමක් – උණු තෙල් තාච්චියේ හිඳ බවුන් වඩන භික්ෂුව – මෙය ඇත්තක්ද? බොරුවක්ද?

5. මළ මුහුද කියන්න හේතුව මෙන්න

හිතන්න බලන්න මළ මුහුදේ ලවණ ප්‍රමාණය සාමාන්‍ය මුහුදේ ලවණ ප්‍රමාණය වගේ කොච්චර ප්‍රමාණයක් වේවිද කියලා. සාමාන්‍ය මුහුදු කරදියට වඩා මළ මුහුදේ ජලය 8.6 ගුණයකින් ලවණතාවයෙන් යුක්තයි කීවොත් ඔබ පුදුම වෙනවා නොඅනුමානයි. මේ හේතුව නිසා අඩුම තරමේ වනජීවීන්ටවත් මෙහි ඇති ජලය පරිහරණය කරන්න බැරිවෙලා තිබෙනවා. ඒ නිසා තමයි මේකට මළ මුහුද කියන්න හේතු වෙලා තියෙන්නෙ. ඒ විතරක් නොවෙයි. ඇසට පෙනෙන ප්‍රමාණයේ ජලජ ශාක සහ මත්ස්‍යයින් වැනි සතුන් ඔබට මෙහිදී දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි අපේ ඇසට නොපෙනෙන ලවණකාමී බැක්ටීරියා වර්ග නම් මෙහි ජීවත් වෙනවා.  

6. දිග පළල කොච්චර ඇද්ද?

මෙය කිලෝමීටර් 67ක් දිගින් සහ එහි පළලම ස්ථානයේදී කිලෝමීටර් 18ක් පළලින් යුක්තයි. මෙය ජෝර්දාන් නිම්නයේ පිහිටා ඇති අකර ප්‍රධාන වශයෙන්ම ජලය ලැබෙන්නේ ජෝර්දාන් නදිය හරහාය. 

7. පර්යේෂණ කරන තැනක්

මෙම ස්ථානය විවිධ පර්යේෂණ සඳහා තෝතැන්නක් බවටත් පත් වෙලා. විශේෂයෙන්ම සෞඛ්‍ය සහ ප්‍රතිකාර ක්‍රම සම්බන්ධ පර්යේෂණ ඒ අතරින් ප්‍රධානයි. මෙහි පවතින ලවණ වර්ග නිස‍ා මේ ප්‍රදේශයේ වායුගෝලයේ වෙනසක් පවතිනවා. ඒ නිසා සූර්යාලෝකය ලැබෙන ආකාරයත් වෙනස්. ඒ වගේම මුහුදු මට්ටමට වඩා උස ගොඩක් අඩු නිසා වායුගෝලීය පීඩනයත් වැඩියි. මේ වගේ තත්ත්වයන් පැවතීම තමයි මේ ආකාරයේ පර්යේෂණ ක්‍රියාත්මක වීමට හේතු වෙලා තිබෙන්නේ. 

මළ මුහුද

8. ඉතිහාසගත වෙලා

මෙතන තමයි ඩේවිඩ් රජු හට ආරක්ෂාව සළසා දුන් ස්ථානය ලෙස ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඒ වගේම මේ ස්ථානය ලෝකයේ පළමු සෞඛ්‍ය කඳවුර ලෙසත් සැළකෙනවා. ඊජිප්තු මමී නිර්මාණය කිරීමේදී ආලේපයක් නිෂ්පාදනය කිරීමටත් ගොවිතැන් කටයුතු සඳහා පොටෑසියම් ප්‍රභවයක් ලෙසත් මළ මුහුද උපකාරී වී තිබෙනවා. 

09. පහළින්ම තියෙන පාර

ලෝකයේ තිබෙන පහළම ස්ථානය වන මළ මුහුද අසළින් ඊශ්‍රායලයේ සිට වෙස්ට් බෑන්ක් දෙසට දිවෙන හයිවේ 90 නමැති අධිවේගී මාර්ගය මුහුදු මට්ටමේ සිට පහළම ස්ථානයේ ඇති මාර්ගය ලෙසටත් වාර්තා ගත වෙනවා.

විදුජය වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ඔබේ අදහස මෙහි සඳහන් කරන්න.
scroll to top