Close
හෙළ දරු දැරියන්ගේ මාර්ගගත විද්‍යා ඉ-සඟරාව

මිනිස්සුන්ට තියෙන අමුතු බය 10ක් – ඔබට පුදුම හිතේවි.

බය භීතිකා

මේ වගේ භීතිකා නැත්නම් බයවල් මිනිස්සුන්ට තියෙනවා කියල ඇහුවම ඔබ නිසැකව ම ගොඩක් පුදුමයට පත්වේවි. මේවායින් සමහරක් ඔබ අලුතෙන්ම අහන දේවල් වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම සමහරුන්ට මේ වගේ භීතිකා තියෙන එක නම් ඇත්තම දෙයක්. 

බය නාන්න තියෙන භීතිකාව

1. Ablutophobia – නාන්න තියෙන භීතිකාව

මේ භීතිකාව නම් ගොඩක් අයට තියෙනවා කියලා අපි දන්නවනේ. Ablutophobia කියන්නෙ ඇඟ සෝදන්න හෝ නාන්න තියෙන බයටයි. මේක වැඩිහිටියන්ට වඩා ළමුන් අතරේ පොදු ලක්ෂණයක් ලෙස සළකන්න පුළුවනි. මේ උඩ තියෙන පින්තූරෙ ඉන්න 80 වියැති ඉරාන ජාතිකයා වසර 60ක් තිස්සේ නාලා හෝ ඇඟ සෝදා නැත්තේ මෙන්න මේ කියන භීතිකාව තිබෙන හින්දයි.

2. Amathophobia – දූවිලි භිතිකාව

බය භීතිකා

අප අවට හැම තැනම දූවිලි තියෙනවනේ. ඒ වගේම අපි දිනපතා දූවිලි රැඳෙන ස්ථාන පිස දැමීම සිදු කරනවා. එහෙම කරන්නේ දූවිලි සමඟ විෂබීජ ඇති නිසා සහ පිරිසිදු බව රැකගැනීමට අවශ්‍ය නිසා. නමුත් දූවිලි බිඳක් තිබුණා කියලා අපි බයවෙන්නෙ නෑනෙ. නමුත් සමහරු ඉන්නවා දූවිලි බිඳක් දැක්කත් ගොඩක් බය වෙන, ඒ වගේම හැම තිස්සේම තමන් ඉන්න තැන හෝ තමන් පාවිච්චි කරන ලැප්ටොප් එක, මේසය වගේ තැන් පිරිසිදු කරන අයත් අප අතරෙම ඉන්නවා.

3. Baropphobia – ගුරුත්වාකර්ශණ භිතිකාව

මේ කියන Baropphobia කියන භීතිකාව තියෙන අය උස ස්ථාන වලට යන්න බයයි. ඔංචිලි පදින්න එහෙමත් බයයි.

4. Bromidrophobia – ශාරීරික ගන්ධයට ඇති භීතිකාව

ඇත්තටම ඔබ පුදුම වේවි මේ ආකාරයේ පොදු භිතිකාවක් තිබෙන බව ඇසුවාම. Bromidrophobia භිතිකාව තියෙන අය හැම වෙලේම ඇඟ හෝදනවා. දෙතුන් පාර සබන් දාලා අත් සෝදනවා. එයාලා විෂබීජ සහ දහඩිය ගඳට හරිම බයයි. පිරිසිදුවට ඉන්න එක වෙනම කාරණාවක්. නමුත් මේ කියන අය අධික ලෙස පිරිසිදුවට ඉන්න හදන එක තමයි වෙනස.

ඔය කියන විදිහට පිරිසිදු බව වැඩිවෙන්න ගිහින් හැමවෙලේම පිරිසිදු කිරීම නිසා සමට හානි කරගත්තු අයත් ඉන්නවාලු.

මේ ගැනත් කියවන්න – ඊ-දුම්වැටි (E-CIGARETTE) ගැන මේ දේවල් දැනුවත් ද?

5. Clinophobia – ඇඳට යාමේ භීතිකාව

බය භීතිකා

නිදන ඇඳ කියන්නේ අපිට නම් යන්න කැමතිම තැන් වලින් එකක් කිව්වොත් වඩා නිවැරදියි. නමුත් මේ භීතිකාව තියෙන අය නිදන ඇඳට යන්නත් බයයිලු.  මේකට හේතුව මේ අය වැඩිපුර නින්දේදී බියකරු සිහින දැකීමයි. පිරිසක් නොමැතිව තනිව නිදා ගැනීමත්, ශරීර සෞඛ්‍යය දුර්වල මට්ටමක පැවතීමත් මේ සඳහා බෙහෙවින් බලපානවා.

6. Dendrophobia – ගස් වලට ඇති බය

අපි බොහෝ දෙනෙක් ගස් ආශ්‍රිතව හෝ වනාන්තර ආශ්‍රිතව ජීවත් වීමට බෙහෙවින් කැමැත්තක් දක්වනවා. ඒ අතරම සමහර තරුණ වියේ අයට වැළඳෙන භිතිකාවක් වන Dendrophobia නිසා ගස් වැල් වලට අනියක බියක් ඇතිවීම ප්‍රධාන ලක්ෂණයක් ලෙස දැකිය හැකියි.

7. Eisoptrophobia – කැඩපත් භිතිකාව

බය භීතිකා

ඔබ දවසට කී වතාවක් නම් කණ්ණාඩිය ඉදිරිපසට වෙලා හැඩ බලනවා ඇත්ද? සමහරු තම අත් බෑගය රැගෙන යනකොටත් කුඩා කණ්ණාඩි කැබැල්ලක් දමාගෙන යනවා. ඒත් මේ අතර තමන්ගේ ප්‍රතිබිම්භය කණ්ණාඩියකින් දැකීමට බියක් දක්වන සමහරු ඉන්නවා කිව්වම ඔබත් පුදුමයට පත් වේවි.

8. Geliophobia – සිනාසීමට ඇති භීතිකාව

සිනාව තමයි හොඳම ඖෂධය කියලා අපි කොච්චර කිව්වත්, සමහරු ඉන්නව හිනා උනාට හිනා වෙන්නෑ. හරියට හිනාවෙන්න සල්ලි ගන්නව වගේ හිතාගෙන වෙන්නැති. දැන් කාවහරි මතක් වෙනවා ඇති නේද? අන්න ඒ කෙනාට සමහරවිට Geliophobia භීතිකාව සමහරවිට වැළඳී තිබෙන්නත් පුළුවනි.

9. Sciaphobia – සෙවණැලි භීතිකාව

සමහර හොල්මන් චිත්‍රපටි වගේ දේවල් වල බය හිතෙන දේවල් නිර්මාණය කිරීමට සෙවණැලි යොදා ගන්නවා. නමුත් සෙවණැලි සමහර අය දැඩි ලෙස භීතියට පත් කරනවා වෙන්නටත් පුළුවනි. එහෙම අයට මේ කියන භීතිකා තත්ත්වය වැළඳී තිබෙනවා විය හැකියි.

10. Peladophobia – තට්ට භිතිකාව

තට්ටෙ තියන කොල්ලො ලස්සන අය ඕන තරම් ඉන්නෙ. නමුත් තට්ටෙ ඇති වෙනවට සහ තට්ටය තියෙන මිනිස්සුන්ට බය සමහරක් උදවියත් අප අතරෙම ඉන්නවා.

බය භීතිකා


නමුත් මේ ඡායාරූපයේ සිටින තට්ටය සහිත පුද්ගලයා ව්‍යාපාරිකයෙක්, ගුරුවරයෙක්, වෛද්‍යවරයෙක්, අජටාකාශගාමියෙක් සහ පොලිස් නිලධාරියෙකු ආදී වශයෙන් විවිධ ක්‍ෂේත්‍ර ගණනාවක දක්ෂකම් දැක්වූ අයෙක් ලෙස ලොව පුරා ප්‍රකට පුද්ගලයෙකි. ඉතින් තට්ටෙට ඇයි බය වෙන්නෙ?

විදුජය වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ඔබේ අදහස මෙහි සඳහන් කරන්න.
scroll to top