මුල් පිටුව විදු ගවේෂණ ඩවුන්ස් සහලක්ෂණය ගැන නව බලාපොරොත්තුවක්: ජපන් විද්‍යාඥයන්ගේ අලුත් සොයාගැනීම

ඩවුන්ස් සහලක්ෂණය ගැන නව බලාපොරොත්තුවක්: ජපන් විද්‍යාඥයන්ගේ අලුත් සොයාගැනීම

17
0
ඩවුන්ස් සහලක්ෂණය ඩවුන් සින්ඩ්‍රෝම්

ජපානයේ විද්‍යාඥයන් කණ්ඩායමක් ඩවුන්ස් සහලක්ෂණය සඳහා හේතුවක් වන ජානමය ගැටලුවක් විසඳීමට නව තාක්ෂණයක් භාවිතා කළා. ඔවුන් භාවිතා කළේ CRISPR-Cas9 කියන විශේෂ ජාන සංස්කරණ මෙවලමක්. මේ තාක්ෂණයෙන් ඔවුන් රසායනාගාරයකදී ඩවුන්ස් සහලක්ෂණය ඇති සෛලවල පවතින අමතර වර්ණදේහය ඉවත් කළා. මේ සොයාගැනීම ඩවුන් සින්ඩ්‍රෝමය ගැන තවත් දැන ගන්නත්, ඒ සඳහා ප්‍රතිකාර හොයන්නත් ලොකු උපකාරයක් වේවි.

මේ ලිපියෙන් අපි ඩවුන්ස් සහලක්ෂණය ගැන, CRISPR-Cas9 තාක්ෂණය ගැන, ජපන් විද්‍යාඥයන්ගේ පර්යේෂණය ගැන, එයින් ලැබෙන බලාපොරොත්තු, ගැටලු සහ ඊළඟට කළ යුතු දේවල් ගැන සරලව කතා කරමු.

ජෛව ස්ථිතිකරණය: මරණින් පසු මිනිස් සිරුර නැවත පණ ගැන්වීම

ඩවුන්ස් සහලක්ෂණය යනු මොකක්ද?

CRISPR-Cas9 තාක්ෂණය ඩවුන්ස් සහලක්ෂණය

ඩවුන්ස් සහලක්ෂණය යනු ජානමය තත්ත්වයක්. ඒ කියන්නේ, මිනිස් සෛලවල තියෙන ජානවල ඇති වෙනසක් නිසා ඇති වෙන තත්ත්වයක්. සාමාන්‍යයෙන් අපේ සෛලවල වර්ණදේහ යුගල 23ක්, එනම් එකතුව වර්ණදේහ 46ක් තියෙනවා. ඒත් ඩවුන්ස් සහලක්ෂණය ඇති අයගේ සෛලවල 21 වන වර්ණදේහයේ අමතර පිටපතක් තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ සෛලවල වර්ණදේහ 47ක් තියෙනවා. මේ අමතර වර්ණදේහය නිසා ඔවුන්ට විවිධ සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා.

ඩවුන්ස් සහලක්ෂණය ලක්ෂණ

  • හදවත් ගැටලු: සමහරු උපතින්ම හෘදයේ ගැටලු එක්ක ඉපදෙනවා.
  • ඇල්සයිමර් රෝගය: වයසට යද්දී මතකය නැති වෙන රෝගයට ගොදුරු වීමේ වැඩි ඉඩක් තියෙනවා.
  • ආහාර ජීර්ණ ගැටලු: ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ව ගැටලු ඇති වෙන්න පුළුවන්.
  • තයිරොයිඩ් ගැටලු: බෙල්ල ආශ්‍රිතව තියෙන තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු.
  • රෝගවලින් ආරක්ෂා වීම: රෝගවලින් බේරෙන්න බොහොමයක් ගැටලු තියෙනවා.
  • ඉගෙනීමේ අපහසුතා: ඉගෙන ගන්න ටිකක් කාලය ගත වෙනවා.

එක්සත් ජනපදයේ උපත් 700කින් එකකට පමණ ඩවුන්ස් සහලක්ෂණය තියෙනවා. ගර්භණී කාලයේදී පරීක්ෂාවලින් මේ තත්ත්වය හඳුනා ගන්න පුළුවන් වුණත්, තවමත් ඒ සඳහා සම්පූර්ණ ප්‍රතිකාරයක් හෝ විසඳුමක් නැහැ.

CRISPR-Cas9 තාක්ෂණය යනු කුමක්ද?

CRISPR-Cas9 යනු ජාන වෙනස් කිරීමට යොදා ගන්නා බලවත් මෙවලමක්. ඒ එක්ක ජානවල ඇති ගැටලු හදන්න, කොටස් එකතු කරන්න හෝ කොටස් ඉවත් කරන්නත් පුළුවන්. මේ තාක්ෂණය, රෝගවලින් ආරක්ෂා වීම සඳහා බැක්ටීරියාවන්ට පැවති හැකියාවක් අධ්‍යයනය කරලා හදපු තාක්ෂණයකි.

CRISPR-Cas9 තාක්ෂණය ඩවුන්ස් සහලක්ෂණය
  • Cas9 එන්සයිමය: ජාන කොටස් කපලා ඉවත් කරන්න යොදා ගනිිි.යි
  • මාර්ගෝපදේශ RNA (gRNA): Cas9 එන්සයිමය නිවැරදි තැනට යොමු කරන “මගපෙන්වන්නා”.

    මේ තාක්ෂණයෙන් ජානමය රෝගවලට ප්‍රතිකාර හොයන්න පුළුවන්. ඉතින් ජපන් විද්‍යාඥයෝ ඩවුන්ස් සහලක්ෂණය සඳහා හේතු වන අමතර වර්ණදේහය ඉවත් කිරීමටත් මේ තාක්ෂණය යොදා ගත්තා.

    ජපන් විද්‍යාඥයන්ගේ පර්යේෂණය

    Mie විශ්වවිද්‍යාලයේ Ryotaro Hashizume ගේ නායකත්වයෙන් යුත් විද්‍යාඥයන් කණ්ඩායමක් CRISPR-Cas9 භාවිතා කරලා ඩවුන්ස් සහලක්ෂණය ඇති සෛලවල අමතර 21 වන වර්ණදේහය ඉවත් කළා. මේ පර්යේෂණය PNAS Nexus කියන විද්‍යා සඟරාවක පළ වුණා.

    ඔවුන් මොනවද කළේ?

    විද්‍යාඥයන් CRISPR-Cas9 මෙවලම සකස් කළේ අමතර 21 වන වර්ණදේහය පමණක් ඉලක්ක කරන්න. මේ ක්‍රමය “allele-specific editing” කියලා හඳුන්වනවා. ඒ කියන්නේ, සාමාන්‍ය වර්ණදේහවලට හානියක් නොකර අමතර එක ඉවත් කිිිිරීම.

    1. මූලිික සෛල (Stem Cells): රසායනාගාරයේ හදපු මූලිිකසෛලවල මේ තාක්ෂණය උත්සාහ කළා. අමතර වර්ණදේහය ඉවත් කළාට පස්සේ, සෛලවල ජාන ක්‍රියාකාරිත්වය සාමාන්‍ය තත්ත්වයට ආවා. විශේෂයෙන්, මොළයේ වර්ධනයට උපකාරි වෙන ජාන වැඩිපුර වැඩ කළා, එතකොට පරිවෘත්තීය ජානවල වැඩ අඩු වුණා.
    2. සමේ සෛල (Skin Fibroblasts): ඊළඟට, ඩවුන්ස් සහලක්ෂණය ඇති අයගෙන් ගත් සමේ සෛලවලත් මේ තාක්ෂණය භාවිතා කළා. එතනත් අමතර වර්ණදේහය ඉවත් කිරීම සාර්ථක වුණා.

    ඒ අනුව අමතර වර්ණදේහය ඉවත් කළ සෛල බොහොම හොඳින් වැඩ කළා. ඒවා වේගයෙන් වර්ධනය වුණා, ඒ කියන්නේ ඒවා බෙදිලා වැඩි වෙන්න ගත්ත කාලය අඩු වුණා. සෛලවල රෝග ඇති කරන හානිකර ඔක්සිජන් අඩු වුණා. ඒ නිසා සෛල වඩා හොඳින් ජීවත් වුණා.

    CRISPR-Cas9 තාක්ෂණය ඩවුන්ස් සහලක්ෂණය

    මේකෙන් ලැබෙන බලාපොරොත්තු

    මේ පර්යේෂණයෙන් පෙන්නුම් කළේ ඩවුන් සින්ඩ්‍රෝමයට හේතුවක් වන අමතර වර්ණදේහය ඉවත් කරන්න පුළුවන් කියලා. මේකෙන් ඩවුන්ස් සහලක්ෂණය ඇති අයගේ සෞඛ්‍ය ගැටලු අඩු කරන්න උපකාරි වෙන්න පුළුවන්.

    1. ඇල්සයිමර් රෝගය: 21 වන වර්ණදේහය නිසා මොළයට හානිකර බවක් ඇති වෙනවා. මේ අමතර වර්ණදේහය ඉවත් කිරීමෙන් ඇල්සයිමර් රෝගයට ගොදුරු වීමේ ඉඩ අඩු වෙන්න පුළුවන්.
    2. හදවත් ගැටලු: ඩවුන්ස් සහලක්ෂණය ඇති අයගෙන් බාගයකට විතර උපතින්ම හදවත් ගැටලු තියෙනවා. මේ තාක්ෂණයෙන් ඒවා අඩු කරන්න ඉඩ තියෙනවා.
    3. වෙනත් ගැටලු: බඩේ ගැටලු, තයිරොයිඩ් ගැටලු, රෝගවලින් බේරෙන්න බැරි ගැටලු වගේ දේවල් අඩු කරන්නත් මේක උපකාරි වෙන්න පුළුවන්.

    තාක්ෂණය භාවිතයේ ගැටලු මොනවද?

    මේ තාක්ෂණය භාවිතා කරද්දී ගැටලුත් තියෙනවා. එකක් තමයි ඉලක්කයෙන් පිටත බලපෑම්. ඒ කියන්නේ, CRISPR-Cas9 මෙවලම අමතර වර්ණදේහය ඉවත් කරද්දී, සමහර විට හොඳ වර්ණදේහවලටත් හානි වෙන්න පුළුවන්. මේ ගැටලුව මේ පර්යේෂණයේදීත් හමු වුණා. එබැවින් මෙම තාක්ෂණය ප්‍රායෝගික ලෝකය තුළ භාවිතා කිරීමට පෙර පහත ක්‍රියාවන් සිදු කළ හැකියි.

    • නිවැරදිව ඉලක්ක කිරීම: මාර්ගෝපදේශ RNA තවත් හොඳින් සකස් කරලා, හානි වෙන්නේ නැති විදිහට ඉලක්ක කරන්න පුළුවන්.
    • දිගුකාලීන පරීක්ෂාවන්: මෙහි දී සංස්කරණය කරපු සෛල, ඒවා හොඳින් වැඩ කරනවාද, ආරක්ෂිතද කියලා බලන්න ඕන.
    • ආරක්ෂාව: රෝහල්වල භාවිතා කරන්න කලින් මේ තාක්ෂණය හොඳින් පරීක්ෂා කරන්න ඕන.

    දැනට මේ තාක්ෂණය රෝහල්වල භාවිතයට සුදුසු නැහැ. ඒත් දැනට ලබා ඇති සාර්ථකත්වය සැලකූ විට එය ලොකු පිම්මක්!

    බොරු කිව්වොත්, පිනෝකියෝගේ වගේ නහය දිගු වෙයි!

    සදාචාරාත්මක ප්‍රශ්න

    ඩවුන්ස් සහලක්ෂණය ජානමය විදිහට ඉවත් කිරීම ගැන බොහෝ දෙනා කතා කරනවා. සමහර රටවල, ගර්භණී පරීක්ෂාවලින් ඩවුන් සින්ඩ්‍රෝමය හඳුනා ගත්තම ගබ්සා කිරීමේ ප්‍රවණතාවක් තියෙනවා. ඒ වගේ දේවල් ගැන ඩවුන්ස් සහලක්ෂණය ඇති අයත්, ඔවුන්ගේ පවුල්වල අයත් කනස්සලු වෙනවා.

    ඩවුන්ස් සහලක්ෂණය ඇති අය කියනවා ඔවුන්ගේ ජීවිතයටත් වටිනාකමක් තියෙනවා කියලා. ඔවුන්ගේ තත්ත්වය ඔවුන්ගේ අනන්‍යතාවයේ කොටසක්. ඒ නිසා ජානමය සංස්කරණය ගැන කතා කරද්දී බොහොම පරිස්සමින් බලන්න ඕන.

    විද්‍යාඥයන් කියන්නේ ඔවුන්ගේ අරමුණ ඩවුන්ස් සහලක්ෂණය සමාජයෙන් ඉවත් කිරීම නෙවෙයි. ඔවුන්ට තියෙන සෞඛ්‍ය ගැටලු අඩු කරලා, ඔවුන්ගේ ජීවිතය පහසු කරන්න තමයි ඔවුන් උත්සාහ කරන්නේ.

    අනාගතය ගැන බලාපොරොත්තු

    මේ පර්යේෂණය තවමත් පවතින්නේ ආරම්භක අවධියේ. රෝහල්වල භාවිතයට ගන්න තවත් වසර ගණනාවක් යන්න පුළුවන්. ඒත් මේක ඩවුන්ස් සහලක්ෂණය ගැන තව බොහෝ දේවල් දැන ගන්න උපකාරි වෙනවා. ඒ වගේම නව ප්‍රතිකාර හොයන්නත් මේක මග පෙන්වනවා.

    CRISPR-Cas9 තාක්ෂණය ඩවුන්ස් සහලක්ෂණය විතරක් නෙවෙයි, වෙනත් ජානමය රෝගවලටත් යොදා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට, වෙනත් වර්ණදේහ ගැටලු තියෙන රෝගවලටත් මේ තාක්ෂණය උපකාරි වෙන්න පුළුවන්. මේ සොයාගැනීම CRISPR-Cas9 තාක්ෂණයේ ලොකු හැකියාවක් පෙන්වනවා. එමඟින් තනි ජාන විතරක් නෙවෙයි, සම්පූර්ණ වර්ණදේහත් ඉවත් කරන්න පුළුවන්. ඒ නිසා අනාගතයේ ජානමය රෝගවලට ප්‍රතිකාර හොයන්න මේක ලොකු උපකාරයක් වෙයි.

    මූලාශ්‍ර

    1. SciTechDaily: “CRISPR Snips Away Extra Chromosomes, Offering New Hope for Down Syndrome Treatment”
    2. Qazinform: “Could Down Syndrome Be Eliminated? Japanese Scientists Use CRISPR to Target Extra Chromosome”
    3. PNAS Nexus: “Trisomic rescue via allele-specific multiple chromosome cleavage using CRISPR-Cas9 in trisomy 21 cells”

    ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න