පරිගණකය භාවිතා කරන ඔබ මේ වන විටත් කිසියම් හෝ ලේඛනයක් සිංහල භාෂාවෙන් සකස් කිරීමේ හෝ කියවීමේ අත්දැකීම ලබා ඇතැයි යන්න මාගේ විශ්වාසයයි. මේ වන විට වින්ඩෝස්, ලිනක්ස් සහ මැක් යන සියල්ල සිංහල භාෂාවෙන් ක්‍රියා කළ හැකි මූලික පහසුකම් තිබීමත්, වෙබ් සෙවුම් මෘදුකාංග බොහෝමයක් සිංහල භාෂාව සහය දැක්වීමත් මේ සඳහා වැදගත් වේ. එතනිනුදු නො නැවතී ජංගම දුරකථන භාවිතයෙන් කෙටි පණිවිඩ යැවීම සිට විවිධ කටයුතු සිංහලෙන් සිදු කර ගැනීමට වර්තමානයේ දී පහසුකම් සැලසී ඇත.
තත්ත්වය මෙසේ වුවත් අන්තර්ජාලය තුළ සිංහල භාෂාවේ භාවිතය තවමත් ඉතා දුර්වල මට්ටමක පැවතීම ඉතා ඛේදනීය තත්ත්වයකි. මෙහි මා අවධාරණය කරන්නේ ඊනියා භාෂා ප්‍රමුඛතාවය පිළිබඳ නොව, අන්තර්ජාලය තුළ පරිශීලනය කිරීමට තරම් ප්‍රමාණවත් අන්තර්ගතයක් නො පැවතීම සම්බන්ධව සහ තාක්ෂණික වර්ධනයට සමගාමීව අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතය වර්ධනය කළ යුතු බවයි. එමෙන්ම අලුත් පරපුර තුළින් සිංහල අන්තර්ගතය වර්ධනය කළ හැකි පිරිසක් බිහි වීමේ අවශ්‍යතාව තදින් ම දැනෙන වර්තමානයකි. ප්‍රකාශයට පත් කරන පුවත්පත් සිංහල යුනිකේතයෙන් සකස් වූ පමණින් මෙය සිදු නොවේ. ඒ සඳහා විකීපීඩියා විශ්වකෝෂය ඇතුළු වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි අන්තර්ජාලය තුළ සිංහල අන්තර්ගතය පෝෂණය කිරීමේ වැදගත් මෙහෙයක් ඉටු කරයි.
රාජ්‍ය ආයතන තුළ සිදු කෙරෙන කටයුතු වල දී පරිගණක භාවිතය තවමත් ඉතා හොඳ මට්ටමක නො පැවතිය ද බොහෝ ලේඛන යුනිකේත භාවිතයෙන් සකස් කරන බව දක්නට හැකිය. කෙසේ නමුත් බොහෝ අවස්ථාවල එම ලේඛන වල යතුරු ලියනයේ දී සිදු වන යම් සුළු මට්ටමේ වැරදි ද නැතුවා නොවේ.
මෙම ගැටලු ඇතිවීම සඳහා බලපාන ප්‍රධාන සාධක වශයෙන් මවිසින් හඳුනා ගනු ලැබූයේ, සිංහල යතුරු පුවරුවට අදාල යතුරු පවතින ස්ථාන ඉංග්‍රීසි යතුරු පුවරුවක් තුළ මතක තබා ගැනීම එතරම් පහසු නො වීම සහ බැඳි අකුරු, සඤ්ඤක අකුරු, රේඵය, රකාරාංශය වැනි සුවිශේෂී අවස්ථා වල දී භාවිතා කරන යතුරු පුවරුවේ කෙටි මං නො දැනීමත් ය.
එබැවින් යුනිකේත යතුරු පුවරුව නිවැරදිව භාවිතා කිරීම පිළිබඳ සරල සහ නිවැරදි මඟ පෙන්වීම නවකයින්ට මෙන් ම දැනට භාවිතා කරන්නන් හට ද මහත් ප්‍රයෝජනවත් වනු නිසැක ය. එම අවශ්‍යතාව සිත් හි දරා ගනිමින් මා දන්නා යමක් වේ නම් එම දැනුම ඔබ සමඟ බෙදා හදා ගැනීමේ අපේක්ෂාවෙන් යුතු ව මෙම ලිපි මාලාව ඔබ හමුවේ තැබීමට මා හට පෙලඹීමක් ඇති කරවීය. එමෙන්ම ඕනෑම කෙනෙකුට පහසුවෙන් කියවා තේරුම් ගත හැකි අයුරින් මෙය සකස් කිරීමට මා හට හැකි විණැයි මම අදහස් කරමි. මෙම කාර්යය සඵල කර ගැනීමට උදව් උපකාර කළ, සුබ පැතුම් එක් කළ සියලු දෙනා සිහිපත් කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි. කෙසේ නමුත් ඉහත සඳහන් කරන ලද අරමුණු සාක්ෂාත් කිරීමේ හැකියාව මුළුමනින් ම අප සැම සතු වගකීමක් වන්නේ ය.
මෙම පාඨමාලාව හැදෑරීමටත් ඔබ කැමති වේවි –
විද්‍යාවට A එකක් – පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න – අ.පො.ස (සා/පෙළ)
පාඨමාලාවේ සුවිශේෂතා
- පාඩම්/ දේශන 9
- ප්‍රශ්නාවලි 0
- කාලසීමාව Lifetime access
- දක්ෂතා මට්ටම Beginner
- භාෂාව English
- ශිෂ්‍ය සංඛ්‍යාව 0
- තක්සේරු කිරීම Yes