අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරු දැරියන්ගේ ලොකුම හීනයක් තමයි සියලු ම විෂයයන් සඳහා A සාමාර්ථ ලබා ගැනීම. ඒ ගමන් මගෙහි දී විද්‍යාව විෂය සඳහා ඉහළ සාමාර්ථයක් ලබා ගැනීම බොහෝ දෙනෙක්ට අතිශය දුෂ්කර කටයුත්තක්.
ඔබේ A සිහිනයට උපකාරයක් වන්නට අප නොමිලයේ මෙම පාඨමාලාව ලබා දීමට සූදානම්. මෙම පාඨමාලාවේ අන්තර්ගත වන්නේ අ.පො.ස සාමාන්‍යපෙළ විද්‍යාව විෂයයට අදාළව පසුගිය ප්‍රශ්න පත්‍ර වල බහුවරණ කොටස ප්‍රශ්නාවලි කිහිපයක් ලෙස ඔබට පිළිතුරු ලබා දීමට හැකියි.
මෙම ඔන්ලයින් බහුවරණ ප්‍රශ්නපත්‍ර මඟින් ලැබෙන සුවිශේෂී ප්රතිලාභ
- වසර කිහිපයක පසුගිය විභාග ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමෙන් විභාගයට පෙරහුරුවක් ලබා ගැනීමට හැකි වීම.
- එක් ප්‍රශ්න පත්‍රයක් වෙනුවෙන් පිළිතුරු සැපයීමට ලැබෙන කාලය පැයක් වේ. මෙම ප්‍රශ්නාවලියේ දී අදාළ පැයක කාලය අවසානයේ ස්වංක්‍රීයව අවසන් වන නිසා විභාගයේ දී කාල කළමනාකරණය කර ගැනීමට පුහුණුවක් ලැබීම.
- ඔන්ලයින් ආකාරයට සිදුකළ හැකි බැවින් සාම්ප්‍රදායික ප්‍රශ්න පත්‍ර ලිවීමේ ක්‍රමවේදයෙන් බැහැර වන නිසා වෙනස් අත්දැකීමක් ලබා ගත හැකි වීම.
පිළිතුරු පරීක්ෂා කිරීම සඳහා ගුරුවරයෙකු අවශ්‍ය නොවේ. ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමෙන් අනතුරුව කාලය ඉක්මවූ සැණින් ඔබේ ලකුණු ප්‍රමාණය ස්වංක්‍රීයව ලබා ගත හැකිය.
- සියලුම බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා ගැනීමට අවශ්‍ය පැහැදිලි කිරීමට අදාළව, වීඩියෝ, ඡායාරූප සහ සටහන් අන්තරගත කර තිබීම.
- බසයක ගමන් කරන අවස්ථාවක්, රාත්‍රී නින්දට යාමට පෙර ආදී වශයෙන් ඔබට පැයක කාලයක් වෙන් කර ගත හැකි ඕනෑම ස්ථානයක සිටිය දී ප්‍රශ්න පත්රයකට පිළිතුරු සැපයීමට හැකිය.
- අසීමිත අවස්ථා ගණනක් බහුවරණ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු සැපයීමට හැකි වීම. ඔබ පසුගිය ප්‍රශ්න පත්‍ර පොතක් පරිහරණය කරනවා නම්, එහි එක් වතාවකට වඩා පිළිතුරු සැපයීමට නොහැකි වනු ඇත.
පාඨමාලාව සකස් කිරීම සඳහා දායක වූවෝ…
- ඉමාලි නාකන්දල මිය, අධ්යක්ෂ (සංවර්ධන), කලාප අධ්‍යාපන කාර්යාලය, ගලෙන්බිඳුණුවැව.
- සුජීවා ගුණතිලක මිය, ගුරු උපදේශක – විද්‍යාව (ගලෙන්බිඳුණුවැව), කලාප අධ්‍යාපන කාර්යාලය, ගලෙන්බිඳුණුවැව.
- දීපානි රේණුකා මිය, ගුරු උපදේශක – විද්‍යාව (මිහින්තලේ), කලාප අධ්‍යාපන කාර්යාලය, ගලෙන්බිඳුණුවැව.
- චාන්දනී විමලසේන මිය – ගුරු උපදේශක – විද්‍යාව (කහටගස්දිගිලිය), කලාප අධ්‍යාපන කාර්යාලය, ගලෙන්බිඳුණුවැව.
- ඩබ්.යූ. මහින්ද කරුණාසේන මයා, විදුහල්පති, අ/ යකල්ල මහා විද්‍යාලය
- ජී. ලක්මිණ ජයමාල් මයා, විෂය භාර ආචාර්ය (විද්‍යාව/ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය), අ/ ශ්‍රී සාරානන්ද විද්‍යාලය, මානන්කට්ටිය, මෙගොඩවැව.
මේ පාඨමාලාවත් නොමිලේ හදාරන්න – ආරක්ෂිත ලෙස අන්තර්ජාලය පරිහරණය සඳහා දරුවන්ට මඟ පෙන්වීම.
බාහිර සබැඳි – විභාග දෙපාර්තමේන්තුව
පාඨමාලාවේ සුවිශේෂතා
- පාඩම්/ දේශන 0
- ප්‍රශ්නාවලි 6
- කාලසීමාව Lifetime access
- දක්ෂතා මට්ටම Beginner
- භාෂාව සිංහල
- ශිෂ්‍ය සංඛ්‍යාව 7
- තක්සේරු කිරීම Self