දරුවන්ගේ අධ්‍යාපනික සහ සාමාන්‍ය දැනුම වර්ධනය උදෙසා මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබුණද, අධ්‍යාපන කෙෂ්ත්රයේ දී ඇතිවන විවිධ තාක්ෂණික ගැටලු සඳහා සහාය දැක්වීමත් ඔබ නිතැතින් ම අපේක්ෂා කරනවා. ඒ අනුව මෙම නවතම පාඨමාලාව ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ පරිගණක මෘදුකාංගයක් භාවිතයෙන් ඉතා පහසුවෙන් සහ කෙටි කාලයක දී කාලසටහනක් සකසා ගන්නා අයුරු පිළිබඳ ව ඔබ දැනුවත් කිරීම සඳහායි.
ඉස්කෝලෙක කාලසටහන හදනවා කියන එක කොච්චර අමාරු සහ සංකීර්ණ ක්‍රියාවලියක්ද කියන එක වගේ ම, ඒ සම්බන්ධ දුක දන්නෙ පාසලේ විදුහල්පතිතුමා සහ ඔහුට සහාය වන ගුරු මහත්ම මහත්මීන් බැවින්, ශිෂ්‍යයෙකු වන ඔබට එතරම් සංවේදී නැතුව ඇති. නමුත් ශිෂ්‍යයයෙකු වශයෙන් මේ ලිපිය කියවන ඔබට වුවත් ඉතා පහසුවෙන් කාලසටහනක් නිර්මාණය කිරීමේ හැකියාව මෙමඟින් හිමි වේවි. විශේෂයෙන් ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරන දරු දැරියන්ට මෙය ඉතා පහසු කාර්යයක් වේවි. එසේත් නොමැතිනම්, ඔබේ ආදරණීය ගුරුතුමාට, ගුරුතුමියට මෙම ලිපි මාලාව අධ්‍යයනය කිරීමෙන් විශාල සහයෝගයක් ලබා දීමට හැකි වේවි.
පාඨමාලාවේ සුවිශේෂතා
- පාඩම්/ දේශන 7
- ප්‍රශ්නාවලි 0
- කාලසීමාව Lifetime access
- දක්ෂතා මට්ටම Intermediate
- ශිෂ්‍ය සංඛ්‍යාව 0
- තක්සේරු කිරීම Yes