මුල් පිටුව විද්‍යාත්මක හේතු ‘සඳදුන්න‘ – තරු පිරි අහසක දේදුන්නක් බලමු.

‘සඳදුන්න‘ – තරු පිරි අහසක දේදුන්නක් බලමු.

1
This a photo of a meteorite and a Moonbow around a Hunter's Moon. A moonbow is technically known as a 22º moon halo. The 22º Moon Halo is formed when moonlight passes through ice crystals in the atmosphere and are refracted approximately 22º.

ඔබ අනිවාර්යයෙන්ම දේදුන්න කියන සොබාදහමේ තිබෙන ලස්සනම නිර්මාණය දැකල ඇති කියලා මම විශ්වාස කරනවා. නමුත් ඔබ ‘සඳදුන්නක්‘ දැක තිබෙනවාද? ඇත්තටම මා නම් තවම දැක නැහැ. ඒ වගේම ඔබ මේ වචනය මීට පෙර අසා නැතුවත් ඇති. සඳදුන්න යන්න ඉංග්‍රීසි භාෂාවෙන් moonbow යන්නට හොඳින්ම ගැලපෙන සිංහල වදන බව මම අදහස් කරනවා. හැබැයි මම එහෙම වචනයක් සිංහල භාෂාවේ තිබෙන බවක් නම් දන්නේ නැහැ. එබැවින් මෙතැන් සිට තරු පිරි අහසක සඳ එළියේ මැවෙනා සඳදුන්න පිළිබඳව අපි සොයා බලමු.

සඳදුන්න දේදුන්න

සඳ අහසේ ඇති විට, සූර්යාලෝකය දිවා කාලයේදී දේදුන්නක් ඇති කරන ලෙසින් සඳදුන්නක් ඇති කළ හැකියි. එය ඉංග්‍රීසි බසින් lunar rainbow හෝ ‘moonbow’ ලෙස හඳුන්වනු ලැබේ.

මෙය සරළව රාත්‍රියට ඇතිවන දේදුන්න ලෙස හඳුන්වන්න පුළුවන්. එය පේන්නෙ සඳ එළිය දිය ඇල්ලකින් මතුවන මීදුමෙහි පතිත වුණාමයි.  පියවි ඇසින් එය රිදී පාට දුන්නක් වගේ තමයි පේන්නෙ. නමුත් හොඳ වර්ගයේ කැමරාවකින් වර්ණ සහිතව මෙය ඡායාරූපයකට නගාගන්නට හැකියි. යහපත් කාලගුණයකදී, නිවැරදි උපකරණ සහ නිවැරදි සැකසුම් යටතේ ඔබට දේදුන්නක පවතින සම්පූර්ණ වර්ණාවලියම දැකගන්නට පුළුවනි.

දේදුන්නක් පායා ඇතිවිට එදින ඉතාම පැහැදිලි කාලගුණයක් සහිත දිනයක් බවට පිළිගන්නවා. එළෙසින්ම සඳදුන්නක් පායා ඇත්නම් එමඟින්ද සාමාන්‍ය දේදුන්නක් ලෙසින්ම හොඳ දවසක් පෙන්නුම් කරනවා.  ඉතින් අනාවැකි කියන්නන් හට සඳදුන්නත් ඉතාම වටිනා සංකේතයක් වේවි. 

සඳ එළිය තුළින් පෙනෙන මෙම දේදුන්න ඉතාම දුර්ලභ දසුනක්. එයට හේතුව සඳ එළිය ගොඩක් දීප්තිමත් නැති නිසා. එබැවින් පූර්ණ දීප්තිමත් සඳ ඇති දිනක් මෙම සංසිද්ධිය ඇතිවීම සඳහා ඉතාම කදිමයි. කඩා හැලෙන දියඇල්ලකින් නිකුත් වන මීදුම හෝ සඳට විරුද්ධ දෙසින් පතිත වන වැසි බිඳු මෙය නිර්මාණය වීමට දායක වෙනවා. අහස මුළුමණින්ම අඳුරු විය යුතුයි. ක්‍ෂිතිජයෙන් අංශක 42º ක ට වඩා අඩු උසකින් සඳ පිහිටා තිබිය යුතුයි.

දැනුමට යමක් – මළ මුහුද ගැන, ඔබ මේ කරුණු දැන සිටියා ද?

මේ සියළු කරුණු කාරණා සම්පූර්ණ වූ විට ඔබට ඉතා පහසුවෙන් සඳදුන්නක් දැකබලා ගන්නට හැකියි. පියවි ඇසින් රිදී පාට ඉරක් වගේ පෙන්නෙ සඳ එළිය එතරම් දීප්තිමත් නැති නිසයි. එබැවින් අපේ ඇසෙහි කේතු සෛල උත්තේජනය කරන්නට එම ආලෝක ප්‍රමාණවත් නැහැ.  ඒකයි එහි වර්ණ අපිට පේන්නෙ නැත්තේ.

ආශ්‍රිත සබැඳි – විකීපීඩියා

විවරණ 1

මෙම ලිපිය කියවූ ඔබගේ අදහස කුමක් ද?

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Exit mobile version