විදුජය විද්‍යා වෙබ් අඩවියේ පරිශිලකයින්ගේ අධ්‍යයනය සඳහා ලබා දී ඇති පාඨමාලාවක් පහසුවෙන් හැදෑරීම සඳහා මඟපෙන්වීමක් මෙහිදී ලබාගන්න. ඔබගේ විද්‍යා දැනුම ඉහළ නැංවීම සඳහා නොමිලේ සම්බන්ධ විය හැකි පාඨමාලා රැසක් හදාරන්න.
සැ.යු. – මෙම වෙබ් අඩවිය භාවිතා කිරීම සඳහා සාමාන්‍ය දත්ත පැකේජයක් භාවිතා කිරීම අවශ්‍ය වේ. ඔබගේ අන්තර්ජාල වෙබ් බ්‍රව්සරය ඇතුළු මෘදුකාංග යාවත්කාලීන කර තිබීම මඟින් බාධාවකින් තොර ව වෙබ් අඩවිය පරිශීලනය කිරීමට පහසු වනු ඇත.
- විදුජය වෙබ් අඩවියේ පාඨමාලා රැසක් අතරින් ඔබගේ අවශ්‍යතාවය අනුව අධ්‍යයන කටයුතු සිදු කිරීම සඳහා පළමුවෙන් ම මෙම පිටුවට පිවිසෙන්න. විදුජය තක්සලාව – පාඨමාලා – https://vidujaya.lk/online-courses/
- දැන් ඔබට අවශ්‍ය පාඨමාලාව ඉහත පිටුවෙන් තෝරාගන්න. උදාහරණයක් වශයෙන් සාමාන්‍ය පෙළ විද්‍යාව පසුගිය විභාග බහුවරණ ප්‍රශ්නාවලි සහිත පාඨමාලාව තෝරා ගනිමු. විද්‍යාවට A එකක් – පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න – අ.පො.ස (සා/පෙළ) – https://vidujaya.lk/online-courses/ol-past-papers-science-mcq/
- මීළඟට ඔබ තෝරාගත් පාඨමාලාවට අදාළ පිටුවේ ඇති “ආරම්භ කරන්න” බොත්තම ඔබන්න.
- දැන් ඔබ ස්වයංක්‍රීයව “පාඨමාලා මිලදී ගන්නා ස්ථානය” නමැති පිටුව වෙත යොමු කෙරෙනු ඇත. එහිදී ඔබ දැනටමත් විදුජය වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇත්නම් එම පිටුවේ ඔබගේ පරිශීලක නාමය හෝ විද්‍යුත් තැපැල් ලිපිනය සමඟ මුරපදය යොදා අනතුරුව දම් පැහැති “ඇනවුම සම්පූර්ණ කරන්න” බොත්තම ඔබන්න.

- ඔබ මෙතෙක් වෙබ් අඩවියේ සාමාජිකත්වය ලබා නොමැති අයෙක් නම් එම ස්ථානයේ ඇති “ලියාපදිංචි වන්න” මත ක්ලික් කිරීමෙන් ලැබෙන පෝර්මය සම්පූර්ණ කිරීමෙන් පසු දම් පැහැති “ඇනවුම සම්පූර්ණ කරන්න” බොත්තම ඔබන්න.
- (මෙහි දී යම් හෙයකින් ඔබට විද්‍යුත් තැපැල් ලිපිනයක් නොමැති නම්, <ඔබේ පරිශීලක නාමය>@vidujaya.lk ලෙස ඇතුළත් කරන්න. උදාහරණයක් වශයෙන් ඔබේ පරිශීලක නාමය Someone නම්, ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනය Someone@vidujaya.lk ලෙස ඇතුළත් කළ හැකිය.)
- මීළඟට ලැබෙන පිටුවේ ඇති පාඨමාලා නාමය සඳහන් සබැඳිය ක්ලික් කිරීමෙන් නැවත පාඨමාලාව වෙත පිවිසෙන්න.

- “ඉදිරියට යන්න” බොත්තම එබීමෙන් පාඨමාලාව හැදෑරීම ආරම්භ කිරීමට ඔබට හැකි ය. එහි ඇති පාඩම් මාලාවන් හෝ ප්‍රශ්නාවලි වෙත පිවිසීමට ඔබට දැන් අවස්ථාව ලැබී ඇත.
- ඔබ පළමු අවස්ථාවේ ලියාපදිංචි වීමෙන් පසු නැවත වරක් පාඨමාලාව සමඟ සම්බන්ධ වීම සඳහා ලියාපදිංචි වීම අවශ්‍ය නොවන අතර, ඉහත ක්‍රියාවලිය සිදු කිරීමෙන් තොර ව කෙලින් ම පාඨමාලාවේ අන්තර්ගතය ලබා ගැනීමට හැකි ය.
- පාඨමාලාවකට සම්බන්ධ වීම සඳහා ඔබට තවදුරටත් යම් ගැටලුවක් පවතී නම්, 071 7 35 34 33 හෝ 076 9 35 34 33 අංක ඔස්සේ වට්සැප් පණිවිඩයක් යොමු කර සහාය ලබා ගන්න.